Author: LFN

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ මෙම දරුණු ව්‍යසනය…

Read More

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ. පහරකෑමට ලක්වූ වෛද්‍යවරයා මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති අතර, මෙයට විරෝධය පළ කරමින් බදුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබේ. වෛද්‍යවරයාගේ මෝටර් රථය පිටුපසින් ත්‍රිරෝද රථය නවතා තබා ඇති අතර, එය ඉවත් කරන ලෙස වෛද්‍යවරයා පැවසීමත් සමඟ උරණ වූ ත්‍රිවිල් රියදුරා වෛද්‍යවරයාට මෙලෙස පහරදී තිබේ. මෙම වර්ජනය අද (17) සවස 4 වන තෙක් පැවැත්වෙන බවද වාර්තා වේ.

Read More

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව 2025.12.16 දින මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ යාපනය මනල්කාඩු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 ග්‍රෑම් 210ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. පාර්සල් 36ක අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 250ක් පමණ වේ. මෙම ජාවාරමට සමබන්ධ පුද්ගලයකුද එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඩිංගි යාත්‍රාවක්ද පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Read More

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාල හෝ උප තැපැල් කාර්යාල මඟින් ලබාගත හැකි බවය. ගොවි විශ්‍රාම වැටුප් සෑම මසකම 9 වන දින සිට 15 වන දින දක්වා ලබාදෙනු ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් තැපැල් කාර්යාල වෙත ළඟාවීමේ ගමන් මාර්ග විනාශවීම හේතුවෙන් සිදුවන ගමනාගමන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම කාලසීමාව දිර්ඝ කර තිබේ. දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ…

Read More

මිහින්තලේ සීප්පුකුලම, අඹගහවල ප්‍රදේශයේදී පුද්ගලයකු විසින් වනඅලියෙකු පුලුස්සන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් අනුරාධපුර අඩවියෙහි නිලධාරීන් විසින් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම වනඅලියාගේ මරණය පිළිබඳ තොරතුරු අද (17) අධිකරණයට වාර්තා කිරීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම වනඅලියා පිලිස්සු පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගෙන නොමැති බවය. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර අඩවියෙහි වනසත්ව අඩවි ආරක්ෂක මහතා ඇතුළු නිලධාරීන් යුද හමුදා රහස් ඔත්තු සේවයේ නිලධාරීන් සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටී. වයස අවු. 50-55 සහ උස අඩි 09ක් පමණ පිරිමි සතෙකු වන මෙම වනඅලියාගේ ඉදිරි වම් පාදයෙහි වෙඩි වැදීමක්…

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිට අතුරුදන් බව කියූ ‘කහ ඇනකොණ්ඩා’ පැටවා සොයාගෙන තිබේ. අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් උරග උයනේ සත්ව භාරකරුගේ වැඩ තහනමට ලක්කර පැය 24ක් ගතවීමට මත්තෙන් උරග උයන තුළ යකඩ පෙට්ටියක සිටියදී මෙම කහ ඇනකොණ්ඩා පැටවා සොයා ගැනීමට හැකිවී ඇත. ඉකුත් දිනෙක කාන්තාවක විසින්‌ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ඇතුළු සර්ප විශේෂ 4කට අයත් සර්පයින් 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ නිලධාරීන් විසින්‌ අත්අඩංගුවට ගෙන රැකබලා ගැනීම සඳහා 2025.09.15 වන දින දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාරදීමෙන් පසු උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටියදී අවුරුද්දක් පමණ වයසැති අඩි 1 1/2ත් 2ත් පමණ දිගැති සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩා…

Read More

රාජ්‍ය භාෂා පරිවර්තක සේවයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය භාෂා පරිවර්තක සේවා සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්විය. ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. භාෂා පරිවර්තක සේවයේ පවතින වැටුප් පිළිබඳ ගැටළුව, ශ්‍රේණි අතර පවතින වැටුප් විෂමතාව සහ පුරප්පාඩු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ. පසුගිය රජයන් විසින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමේදී විධිමත් හා තර්කානුකූල ක්‍රමවේදයකින් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි ගැටලු ගණනාවක් ඇති වී තිබෙන බවත්, වැටුප් විෂමතා පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැවසූ අතර ලබන වසර තුළ මේ සඳහා සාධනීය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවද පැවසුවාය. අග්‍රාමාත්‍ය…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (16) මෙම අනතුරු සිදුව තිබුණේ, හලාවත, කුලියාපිටිය, පුල්මුඩේ, දවුලගල, මිහින්තලය සහ සීගිරිය යන පොලිස් වසම්වලදීය. හලාවත පොලිස් වසමේ කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගමන් කළ මගියෙකු බස් රථයේ ඉදිරිපස දොරෙන් ඇද වැටී එම බස් රථයටම යටවීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ මගී පුද්ගලයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර කුලියාපිටිය – හෙට්ටිපොල මාර්ගයේ කරගහගෙදර ප්‍රදේශයේදී මෝටර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින්…

Read More

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සවස 4 සිට හෙට (18) පෙ.ව 7 දක්වා මෙම ජල සැපයුම අත්හිටවනු ලැබේ.

Read More

යුරෝ ලක්ෂ 5ක් වටිනා කිලෝ ග්‍රෑම් 69,000ක් බරැති ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (17) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය. මෙම ගුවන් යානය තුළ කූඩාරම්, ආහාර පිසීම සඳහා යොදා ගන්නා මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට, ජලය පිරිසිදු කිරීමේ උපකරණ ඇතුළත් විශාල ආපදා ආධාර තොගයක් ගෙනැවිත් ඇත. මෙම ආධාර රැගත් බෝයිං – 747 විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද අලුයම 04.30 ට ජර්මනියේ ලීග් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම ආධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය තානාපතිනිය සරා හසල්බාත් යුරෝපා සංගමයේ පියරේ ට්‍රිපොන් සහ…

Read More