Author: LFN

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්ය. ඒ අනුව ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් මෙන්ම මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානය හා එංගලන්ත විස්සයි20 තරගාවලි ද්විත්වයේද ශ්‍රී ලංකා නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්…

Read More

කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතය. එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය. ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිත බව සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා…

Read More

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත. එහි දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ලද මූලික විමර්ශනයන්ට අනුව ඒ මහතා වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවය. මේ සම්බන්ධයෙන් විදිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාළ ලිපියේ දැක්වෙයි. මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අද දෙරණ සිදුකළ…

Read More

මාලදිවයිනේ විශේෂ ආර්ථික කලාපයට (SEZ) අයත් මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවර යාත්‍රා 02ක් එරට ජාතික ආරක්ෂක බළකාය (MNDF) විසින් පසුගිය (17) අත්අඩංගුවට ගෙන තිබේ. මාලදිවයින් දූපත් සමූහයේ උතුරු දෙසින් පිහිතා ඇති කේලා දූපත ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙම විශේෂ මෙහෙයුම සම්බන්ධයෙන් එරට මාධ්‍ය ඊයේ (18) කරුණු අනාවරණය කර ඇති අතර, එහි ඔවුන් සඳහන් කර ඇත්තේ විදෙස් බුද්ධි තොරතුරු මත මෙම ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා දෙක සිය භාරයට ගෙන ඇති බවය. කේලා සිට නාවික සැතපුම් 51ක් පමණ දුරින් ඊයේ පෙ.ව. 8:30ට පමණ මෙම යාත්‍රා එරට ජාතික ආරක්ෂක බළකාය සිය භාරයට ගත් බව එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.…

Read More

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (18) නිවේදනය කළේය. ඒ අනුව රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටප්‍ර කථානායක අශෝක රන්වල මහතා ධාවනය කළ ජිප් රථය ඉකුත් දෙසැම්බර් 11 වැනිදා රාත්‍රීයේ සපුගස්කන්ද ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීය. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා පසුව ඇප මත මුදා හැරිණි. කෙසේවෙතත් අනතුර අවස්ථාවේ බීමත්කම පරීක්ෂා කිරීම…

Read More

කොටහේන 6වන පටුමග ප්‍රදේශයේ ඊයේ (18) පස්වරුවේ සිදුවූ පිහි ඇනුමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළෙඳසැළක් ඉදිරිපිට සිටි අයෙක් ඉලක්ක කර මෙම පිහි ඇනුම සිදුව ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව කොටහේන පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 12දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී පුද්ගලයින් 29,531දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය. විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 610දෙනෙකු සහ වරෙන්තුකරුවන් 274දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 43දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 ඊයේ (18) රාත්‍රියේ විවෘත කරනු ලැබීය. ‍0.5m ප්‍රමාණයකින් මෙම වාන් දොරටුව විවෘතකර ඇති අතර, ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 1500ක්‌ ක්‍රමානුකුලව අදියරයෙන් අදියර අඹන් ගඟට මුදා හැරීමට කටයුතු කරන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.

Read More

අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක. තවද…

Read More

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි නමැත්තාගේ ඝාතනයෙන් පසු බංග්ලාදේශයේ යළි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී නාදුනන වෙඩිකරුවෙකුගේ ප්‍රහාරකට හාඩි ලක්විය. එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මරණයට පත්ව තිබේ. 2024 අරගලයෙන් පසු බංග්ලාදේශය මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව මෙම වෙඩිතැබීම සිදුවීම සුවිශේෂීය. ඔහු එහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගකිරීමට තීරණය කර තිබූ බව සඳහන්. ඒ අනුව ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වූ විට, ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් ඩකා අගනුවරට රැස්ව මෙම…

Read More