Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බංග්ලාදේශය යළි ඇවිළෙයි
    International

    බංග්ලාදේශය යළි ඇවිළෙයි

    By LFNDecember 19, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි නමැත්තාගේ ඝාතනයෙන් පසු බංග්ලාදේශයේ යළි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් සිටියදී නාදුනන වෙඩිකරුවෙකුගේ ප්‍රහාරකට හාඩි ලක්විය.

    එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මරණයට පත්ව තිබේ.

    2024 අරගලයෙන් පසු බංග්ලාදේශය මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසුව මෙම වෙඩිතැබීම සිදුවීම සුවිශේෂීය.

    ඔහු එහිදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගකිරීමට තීරණය කර තිබූ බව සඳහන්.

    ඒ අනුව ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වූ විට, ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් ඩකා අගනුවරට රැස්ව මෙම විරෝධතා ආරම්භ කර කිබේ.

    අනතුරුව ඔවුන් බංග්ලාදේශ ප්‍රධානම පුවත්පත් වන ‘ද ඩේලි ස්ටාර්’ සහ ‘ප්‍රෝතොම් අලි’ කාර්යාලවලට දැඩි ලෙස හානිකර, ඉන් එක් ගොඩනැගිල්ලකට ගිනිතබා තිබේ.

    සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති අතර, ගිනිනිවන භටයින් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි මාධ්‍යවේදීන් බේරාගෙන ඇත.

    32 හැවිරිදි හාඩි, ඉන්කිලාබ් මන්චා නම් ශිෂ්‍ය විරෝධතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ අතර, අසල්වැසි ඉන්දියාව ප්‍රසිද්ධියේම දැඩි ලෙස විවේචනය කළ අයෙකු බව සඳහන්.

    බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්, හාඩිගේ මරණය “සිට රටට ආපසු හැරවිය නොහැකි පාඩුවක්” ලෙස හඳුන්වා තිබේ.

    මෙම වෙඩිතැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත්, කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ මැතිවරණය අඩපණ කිරීමත් ඔහු පවසයි.

    එමෙන්ම අන්තර්කාලීන රජය හෙට (20) දිනය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇත.

    කෙසේ නමුත් මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    සති ගණනක් පැවති ශිෂ්‍ය විරෝධතාවලින් පසුව, වසර 15ක් පුරා පැවති ඒකාධිපති පාලනය අවසන් කරමින් හසීනා පසුගිය වසරේ අගෝස්තු 5 වන දින ඉන්දියාවට පලා ගියාය.

    කෙසේ නමුත් මෙම අරගලයෙන් දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.