Author: LFN

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව අද (18) කැඳවන ලද පාර්ලිමේන්තු සැසි වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

Read More

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දෙසැම්බර් මස දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා සිටියේ, අද (18) සිට අස්වැසුම බැංකු ගිණුමෙන් වැඩිහිටි දීමනාව අදාළ ප්‍රතිලාභීන්ට ලබාගත හැක බවය. පසුගිය ඔක්තෝබර් මසදී වැඩිහිටියන් 616,346කට මෙම දීමනාව හිමි වූ අතර, ඒ සඳහා රජය 3,081,730,000 (බිලියන 3කට වැඩි)ක මුදලක් වෙන්කර ඇත.

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු ඇපමත මුදා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා ඊයේ (17) නියෝග කළේය. මෙලෙස ඇප හිමිව ඇත්තේ උදාර නිර්මාල් නමැති සැකකරුවෙක්ටය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියමකර තිබේ. මෙම සැකකරු ඝාතන සිද්ධියට අදාළව සිම් කාඩ් පත් ලබා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්ව සිටි අයෙක්ය.

Read More

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකරගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ (17) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ විසින් පරීක්ෂණ කණ්ඩමකින් යොදවා වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින්ද පරීක්ෂණයක් සිදුකරන බවත් ඒ මහතා පවසයි. මියගිය රෝගීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබාගත් සාම්පල මේ වනවිට පරීක්ෂණ තත්ත්වයේ පවතින බවත් ඒ මහතා පැහැදිලි කළේය. එහිදී අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා…

Read More

බරපතල වැඩ සහිත වසර 05 ක සිරදඬුවම් සහ දඩ නියම වී සිටි හිටපු ග්‍රාම නිලධාරියෙකු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑලක් නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය එම දඬුවම තහවුරු කිරීමට තීන්දු කර තිබේ. උපතින් ආබාධිත පුද්ගලයෙකුට රජයෙන් පිරිනමන නිවාස ආධාර ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා එය ලබාගැනීමේ චෝදනාවට, අදාළ හිටපු ග්‍රාම නිලධාරිවරයා වදකරු වී සියේය. විත්තිකරු වරදකරු කිරීම හා ඔහුට දඬුවම් පැමිණවීම මහාධිකරණ විනිසුරුවරයා විසින් තමන්ට ඉදිරිපත් වූ සාක්ෂි වලට අනුකූලව නිවැරදි ආකාරයෙන් සිදුකර ඇති බවත් එබැවින් එම තීන්දුවට මැදිහත්වීමට අභියාචනාධිකරණයට අවශ්‍යතාවයක් මතුනොවන බවත් විනිසුරු අමල් රණරාජා මහතාගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර…

Read More

යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තිබූ රථවාහන නඩුවකට අදාළව නීති මඟින් ඉදිරි කටයුතු සිදුනොකර පොලීසිය භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ඔක්තෝම්බර් මස 19 වනදා සිය යතුරු පැදියේ සංඥා පහන් අක්‍රීය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන් තමන්ගේ රියදුරු බලපත්‍රය පොලීසිය භාරයට ගත් බවත් නීති මගින් ක්‍රියා නොකර සිය රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට නම් රුපියල් 3,200 ක අල්ලස් මුදලක් ලබා දෙන ලෙසට පොලිස් සැරයන්වරයෙකු ඉල්ලා සිටින බවටත් ඒත්තාල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සැකකාර…

Read More

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව ස්ථාන මාරුකර තිබේ. ඒ අනුව ඔහු කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරියෙකු විසින් නිවසක රැඳී සිටින පුද්ගලයෙකුට පහරදීමේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එහිදි අනාවරණය වූයේ පහරදෙනු ලබන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටයි. ඒ අනුව සැකකරු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග…

Read More

සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහිතලය පොලීසිය සමත්ව තිබේ. වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය වුණි. මෙම හිංසාවට ලක්වූ වනඅලියා මිහින්තලය පොලීස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටි අතර අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වු රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නියගමනය කර ඇතැයි පොලීසිය පැවසීය. ඒ අනුව ඊයේ (17) දින සවස මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියාට ගිනි තබා සත්ත්ව හිංසාව සිදුකිරීමේ වරදට මිහින්තලය පොලීසියේ නිලධාරීන් විසින්…

Read More

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති අතර හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වේ. අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු) මහනුවර දිස්ත්‍රික්කය: – දොළුව – ⁠උඩුදුම්බර – ⁠මැදදුම්බර නුවරඑළිය දිස්ත්‍රික්කය: – වලපනේ – ⁠හගුරන්කෙත – නිල්දණ්ඩාහින්න – ⁠මතුරට අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්) මහනුවර දිස්ත්‍රික්කය: – ⁠ගගවට කෝරළය – ⁠පාතහේවාහැට – ⁠අකුරණ – ⁠යටිනුවර – ⁠තුම්පනේ – ⁠හාරිස්පත්තුව – ⁠පූජාපිටිය – ⁠පස්බාගෙ කෝරළය – ⁠හතරලියද්ද – ⁠කුණ්ඩසාලේ – ⁠උඩුනුවර…

Read More

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (18) දිනයට අදාළ කාලගුණ අනාවැකිය සම්බන්ධයෙන් අද (17) ප.ව. 2.ට නිකුත්කළ නිවේදනයේ මේ බව දැක්වේ. ඒ අනුව නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට අමතරව උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි අතර, උතුරු, සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

Read More