Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වායු ගුණාත්මකභාවය පහළට
    Featured

    වායු ගුණාත්මකභාවය පහළට

    By LFNDecember 21, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.

    රටෙහි වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් ඊයේ සහ අද දිනයේ නිරීක්ෂණය වූ බවත් වායු තත්ත්ව දර්ශක මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බවත් ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමගම මේ තත්ත්වය ඇති වන බවය.

    මෙම තත්ත්වය පසුගිය අවුරුදු කිහිපය පුරාවටම මෙම කාලසීමාව තුළ නිරීක්ෂණය වූ බවත් මධ්‍යම පරිසර අධිකාරිය රටෙහි වායු තත්ත්ව දර්ශකය එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවෙන බවත් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    එමෙන්ම මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ඊට සංවේදී වෙන පුද්ගලයින් සිටින අතර ඔවුන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ ප්‍රතිකාර ලබා ගැනීම සිදුසු වන බවද ඒ මහතා කියා සිටියේය.

    කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ මෙම තත්ත්වය අද දිනයෙන් පසුව පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.