Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි
    Featured

    ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

    By LFNDecember 21, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවය.

    මෙම වාන් දැමීම මගින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදුනොවන බවත් මේ හේතුවෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

    කෙසේ නමුත් ඉදිරි මෝසම් වැසි තත්ත්වයන් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීමේ හැකියාව පවතින බවත් මේ හේතුවෙන් එම තත්ත්වයන් සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ නිල්වලා ගඟ ආශ්‍රිතව බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම ද්‍රෝණිය ආශ්‍රතිව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් තැනින් තැන වාර්තා වී ඇති බවත් තෙත් කලාපයේ බොහෝ ස්ථාන ආශ්‍රිතව මිලිමීටර් 25කට ආසන්න ප්‍රමාණයක්ද වාර්තා වී ඇත.

    මීට අමතර මධ්‍යම කඳුකරය සහ කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඇතැම් ස්ථානවලද මිලිමීටර් 50කට ආසන්න ප්‍රමාණයක වර්ෂාපතනයක්ද නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 25-50ත් අතර වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.

    මෙම තත්ත්වය මත නිල්වලා ගඟේ ජල මට්ටම කුඩා වැඩීවීමක් පෙන්නුම් කළද ලැබුණ වර්ෂාව අනුව එය ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් දක්වා පැමිණ නැති බවත් ඉංජිනේරුවරයා සඳහන් කළේය.

    එමෙන්ම මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බවත් එයද ක්‍රමයෙන් මේ වන විට අඩුවෙමින් පවතින බවත් අනෙකුත් ජලාශ ආශ්‍රිතව වර්ෂාවන් ලැබුණද ගංවතුර ත්ත්ත්වයක් දක්වා ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් නොකරන බවද ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.