Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
කඩිනම් මූල්‍ය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබේ. ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස් වූ අතර එහිදී මෙසේ අදාළ මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී ඇත. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය. ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්…
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (20) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දී සිටී. තවද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි…
සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. අමෙරිකානු නිලධාරීන් පිරිසකට සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය දියත්කළ බව අමෙරිකාව පවසයි. කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් ISIS ත්‍රස්තයන්ට වූ බලපෑම සම්බන්ධයෙන් අමෙරිකාව මේ දක්වා නිල ප්‍රකාශයක් නිතුත්කර නොමැත. පසුගියදා අමෙරිකානු නිලධාරීන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අමෙරිකානු නිලධාරීන් කිහිපදෙනෙකු මරණයට පත්විය. සිරියානු ආරක්ෂක හමුදාවන්ගේද සහාය ඇතිව අමෙරිකාව මේ වනවිට මාස කිහිපයක සිට සිරියාවේ ක්‍රියාත්මක ISIS ත්‍රස්තයන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් සිදුකරමින් සිටී. ඒ අනුව එම ක්‍රියාන්විතය අතරවාරයේ මෙම ප්‍රහාරයද එල්ල කර තිබේ.
අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවැත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඊට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්., කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය දැනුම්දී සිටී.
සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඊයේ දහවල් සිට මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු අත්හිටුවීමට පොලිසීය පියවර ගත්තේය. කෙසේවෙතත් ඊයේ දිනට සාපේක්ෂව මෙම මාර්ගය තවදුරටත් ජලයෙන් යට වී ඇති අතර මේවනවිට සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කට වැඩි ප්‍රමාණයක් යටවී ඇති බව පුලස්තිපුර පොලීසිය වැඩිදුරටත් පැවසීය. ඒ හේතුවෙන් සෝමාවතිය පුද බිම වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.
දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 29,649ක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය විසින් ආපදාවට ලක් වූ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරිකයින් නැවත නඟාසිටුවීමේ අරමුණින් පසුගිය (16) දක්වා සිදු කෙරුන දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයට අනුව මෙම සංඛ්‍යාව ලියාපදිංචි වී තිබුණි. දැනට ලියාපදිංචි වී ඇති නිෂ්පාදන කර්මාන්ත ශාලා හා ව්‍යාපාරික ස්ථාන අතරින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලියාපදිංචි නිෂ්පාදන හා අපනයන කර්මාන්තකරුවන් 9,628ක් සඳහා ප්‍රමුඛතාවය ලබාදී කඩිනම් ණය පහසුකම් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව එම කර්මාන්තකරුවන්ට රුපියල් ලක්ෂ 2ක ණය සහනාධාරයක් සහ සියයට 3% පොලී අනුපාතය…
‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි. මෙම මුදලන් රුපියල් මිලියන 4,263ක් දේශීය ව්‍යාපාරිකයින් හරහා ලැබී ඇති බවත්, ඉතිරිය විදේශ මුදල්වලින් ඍජුව තැන්පතු හරහා ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය. ලැබුණු මුදල්වල ඩොලර් වටිනාකම මිලියන 13.8 ඉක්මවා ගොස් ඇති අතර, ඉන් විදේශ මුදල්වලින් පමණක් ලැබුණු ප්‍රමාණය ඩොලර් මිලියන 6 ඉක්මවා ගොස් තිබේ. මෙහිදී සූරියප්පෙරුම මහතා පවසා සිටියේ උතුරු අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, භූතානය, ඉතාලිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නවසීලන්තය, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය, කොරියාව ඇතුළු රටවල් 43කින්…
ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවය. නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බවද වසන්ත සේනාධීර මහතා පැවසීය. තවද නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇතැයි ද පැවසු ඒ මහතා මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී ඇතැයි පැවසීය. තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා…
2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ අද (19) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පෙර තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25ක සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත්ය. ඒ අනුව ඉදිරි ලෝක කුසලානය වෙනුවෙන් මෙන්ම මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙන පාකිස්තානය හා එංගලන්ත විස්සයි20 තරගාවලි ද්විත්වයේද ශ්‍රී ලංකා නායක ලෙස දසුන් ශානක කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්…
කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතය. එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය. ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිත බව සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා…