Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්
    Featured

    කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

    By LFNDecember 23, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද (23) දින පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වී ගල්බොරැල්ල, වලන්කඩ හන්දිය අසලින් මාවතට පිවිස බියගම මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම අසලින් කැලණි රජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වීමට නියමිතයි.

    ඒ අනුව අද පෙරහැර අවසන් වන තුරු පහත සඳහන් මාර්ගයන්වල ගමනාගමනය සීමා කරන අතර රථවාහන සැලැස්ම පහතින් දැක්වේ.

    • කිරිබත්ගොඩ ටයර් හන්දිය දෙසින් පැමිණෙන සියලූම වාහන නුන්ගන්ගොඩ හන්දියෙන් තොරණ හන්දිය දෙසට යොමු කිරීම.

    • බියගම මාර්ගයේ ගමන් ගන්නා සියලූම වාහන කැලණිය රජමහා විහරස්ථානයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුමට යොමුකිරීම.

    • පෑලියගොඩ දෙස සිට බියගම දෙසට පැමිණෙන සියළුම වාහන කැලණිසිරි වටරවුම ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ ගඟවේල්ල මාර්ගයේ බියගම පාර වාහල්කඩ දෙසට යොමු කිරීම.

    • පෙරහර ගමන් ගන්නා කැලණි සිරි වටරවුම විහාර මාවත කොටස සම්පූර්ණයෙන් වසා තබා ඇත.

    • පෙරහර පෙර කොටස විහාර මාවත හන්දිය වෙත ගමන් කරන තෙක් මුල්ලේරියා – බියගම මාර්ගයේ බියගම දෙසට ගමන් ගන්නා රථවාහන පිටවීම සඳහා පමණක් යොමු කිරීම.

    • බියගම මාර්ගයේ පැමිණෙන සියලූම වාහන කැලණි රජමහා විහාරයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුමට යොමු කිරීම.

    • පෙරහර අවසානේ වලන්කඩ අසලින් විහාර මාවත වෙත සම්පූර්ණ කොටස ඇතුළුවීමත් සමඟ තුන්ගන්ගොඩ දෙසින් බියගම දෙසට ධාවනය කරනු ලබන වාහන රථවාහන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිදහස් කිරීම හා බියගම දෙසින් වරාගොඩ මාර්ගයට පිවිසීමට නිදහස් කිරීම.

    • පෙරහර කැලණිසිරි වටරවුම ආසන්නයට පැමිණෙනවාත් සමඟ බියගම පාර වාහල්කඩ ඔස්සේ රථවාහන ඇතුළුවීම නතර කර සාමාන්‍ය පරිදි මාර්ගය සකස් කිරීම.

    • බියගම මාර්ගයේ පැමිණෙන රථවාහන බස් නැවතුම්පොළ අසලින් හෝ විහාර මාවත හන්දිය හරහා වරාගොඩ දෙසට යොමු කිරීම.

    • පෑලියගොඩ පට්ටිය හන්දිය, නුවර පාර, පට්ටිය හන්දිය අසලින් වරාගොඩ මාර්ගයට පිවිසෙන වාහන තොරණ හන්දිය දෙසින් යොමු කිරීම.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.