Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – තිදෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – තිදෙනෙක් මරුට

    By LFNDecember 23, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් තරුණයින් දෙදෙනක් සහ කාන්තාවක් මියගොස් තිබේ.

    ඊයේ (22) මෙම අනතුරු සිදුව තිබුණේ, මුල්ලේරියාව, අනුරාධපුර සහ ගිරිඋල්ල යන පොලිස් වසම්වලදීය.

    අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්වාන ප්‍රදේශයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබු පදික කාන්තාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී එම මෝටර් රථයේ ගැටී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියකද ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පැදිකරුකරුවන් දෙදෙනා හා පසු පැදිකරුවෙකු බරපතළ තුවාල ලැබු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පොතානේගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.‍

    මේ අතර නාරම්මල – ගිරිඋල්ල මාර්ගයේ මුතුගල ප්‍රදේශයේදී යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.