Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තන්තිරිමලය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ගංවතුර අවදානමක් නෑ
    Featured

    තන්තිරිමලය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ගංවතුර අවදානමක් නෑ

    By LFNDecember 22, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ ප්‍රවනතාවයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේඅධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මහවැලි ද්‍රෝණියේ ඇතැම් ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති බවත්ය.

    එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලය ජලාශයේ ජල මට්ටම කිසියම් ඉහළ මට්ටමක පැවතියත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ජලාශවල වාන් දැමීම තත්ත්වයත්, සුළු වර්ෂාපතන තත්ත්වයක් පැවතියත් එම ජලාශයේ ජල මට්ටම් විශාල ලෙස වැඩිවීමක් පෙන්නුම් නොකරන බවය.

    මේ අතර ගතවූ පැය 24ක කාලය තුළදී ජලාශ ආශ්‍රිතව ලැබුණු වර්ෂාපතනය අනුව වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවද එය මිලිමීටර් 25ක් ලෙස වාර්තා වී ඇතැයිද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

    එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වෙත ලැබී ඇතැයිද අනෙකුත් බොහෝ ස්ථානවල කුඩා ප්‍රමාණයෙන් වර්ෂාවන් ඇද හැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථාන වෙත වාර්තා වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

    තවද මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 36ක වාන් දැමීමේ කටයුතු තවදුරටත් සිදුවන නමුත් එම ජලාශ අනතුරුදායක මට්ටමක වාන් දැමීමක් සිදුනොවන බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

    එමෙන්ම මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 52ක ප්‍රමාණයක් වාන් දමමින් පවතින බවත් එම කිසිදු ජලාශයක අනතුරුදායක ලෙස වාන් දැමීමක් සිදු නොවන බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.