Author: LFN
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරනු ලැබේ. එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශන සඳහා රැගෙනයාමේ දී මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබේ. නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණ සිටි අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම දැක්වීම සිදුකළේය.
මිනුවන්ගොඩ පොලිස් වසමේ පත්තඬුවන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (02) දහවල් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, 42 හැවිරිදි පත්තඬුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු තාවකාලිකව පදිංචිව සිටි නිවසේ හිමිකරු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට පහරදී එම ඝාතනය සිදුකර ඇත. සිද්ධිය සම්බන්ධ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඉල්ලුම සරිලන සැපයුම ලබාදීමේ අපහසුතා මත කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය. “වෙළෙඳ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙන්නේ. මේවා නරක් වෙන නිෂ්පාදන. ශක්තිමත් වෙළෙඳ ජාලයක් තිබුණේ නැති වුණාම මිල උච්චාවචනය වීම අපිට නවත්වන්න බෑ. අවුරුදු සමයේ දිගු නිවාඩුවක් ලැබෙනවා. ඊළඟට උත්සව සමයත් එනවා එතකොට ඉල්ලුම වැඩිවෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉල්ලුමට සැපයුම කරන්න පුළුවන්…
පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.
වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු මෙරට සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් අධ්‍යයන කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත් කර ඇති කමිටුවේ අදහස් ද මෙහිදි විමසීමට නියමිත බව සඳහන්ය. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි…
දහම් පාසලක් තුළ සිදුවූ පිහි ඇනුමක් පිළිබඳ පුවතක් ගල්ඔය ප්‍රදේශයෙන් වාර්තා විය. ගල්ඔය පොලිස්බල ප්‍රදේශයට අයත් විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත. ඊයේ (02) උදෑසන 7.45 පමණ විහාර භූමියට ඇතුළු වුණු පුද්ගලයෙකු විසින් ඉමාෂා නම් සිසුවියට තියුණු ආයුධයකින් ඇන පළාගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්ඔය පොලීසියට ලැබුණු තොරතුරක් මත ප්‍රහාරය එල්ල කළ ආයුධයත් සමග සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය. මේ වනවිට සිසුවිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකරුගෙන් පොලීසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලෙසට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අනතුර සිදුකළ…
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. කෙසේවෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මුදලට මන්ත්‍රීකම් පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තමන් උපකුලපති තනතුරින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉකුත් පෙබරවාරි මස 08 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ක්‍රියාත්මක කරන පසුබිමක රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කරලා තිබේ. එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කර ඇත. එම කටිටුවේ සාමාජිකයින් සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන පාර්වීස් මහරූෆ්, අසන්ත ද මෙල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන පත් කර තිබේ.