Author: LFN

රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදි පාවෙමින් තිබූ උරයක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහි පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් සොයාගෙන තිබේ. රට තුළට ප්‍රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි. අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රාජගිරිය බණ්ඩාරනායකපුර ඉදිකරමින් පවතින නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ගොතටුව පොලිස් ස්ථානය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවිය. එහිදී නවසීලන්ත කණ්ඩායම සිය සුපර් ඕවරයේදී රැස්කළේ ලකුණු 8ක් පමණි. නමුත් ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

Read More

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවය. “ඉතා පැහැදිලිව ප්‍රකාශකරනවා. මේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් අපි ඉවත් වෙනවා කියලා තීරණය කළේ.. මේ බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන අපේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් අවශ්‍යයි කියන පදනමින්. වෙනත් කිසිම ඉල්ලීමක් මේකට ගැටගැහිලා නැහැ. ඒ සමගම ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා සිංහල මාධ්‍යයේ උත්තර පත්‍ර බැලීම පමණයි නොකෙරෙන්නේ. දෙමළ මාධ්‍යයේ උත්තර පත්‍ර බලනවා කියලා. මම ඉතාමත්…

Read More

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට හිමිව තිබූ නිල නිවස යළි රජයට භාර දි තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස විසින්. ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසක් හිමිවන අතර ඔහු අභාවප්‍රාප්ත වූ විට එම නිල නිවස ඔහුගේ බිරිඳට භාවිත කිරීමට අවස්ථාව පවතිනවා. කෙසේ වෙතත් කොළඹ පිහිටි එම නිල නිවස හේමා ප්‍රේමදාස විසින් කිසිදු දිනෙක භාවිත කර නොමැති බවයි වාර්තා වුණේ. ඒ අනුව, ජනාධිපති ආර්යාව විසින් එම නිල නිවස රජයට භාර දී තිබෙනවා.

Read More

ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්‍රදායනුකූල අලුත් සහල් මංගල්‍යය අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් අලුත් සහල් මංගල්‍යය සිදු කෙරෙනවා. 2022/23 මහ කන්නයේ සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබනවා.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි විය. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළේය. තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැත්වේ. මෙම පන්දුවාර 20යි විස්ස තරගාවලිය තරග 3කින් සමන්විත වෙයි. 2019 වසරේ සිට අවසන් වරට පැවති තරග පහෙන් හතරක් ම ජයගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමය.

Read More

ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණ ලෙස එම පක්ෂය නම් කර ඇති බවය. “ලබන මැයි මාසයේ නව ‌දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න. කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ. ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට. නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේදී එළිදක්වනවා. එකේ නම එක්සත් ජනරජ…

Read More

ඊශ්‍රායලයේ කතානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. ඔවුන් ලබන 04 වනදා දක්වා ඉන්දියාවේ රැඳීසිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඊශ්‍රායල කථානායකවරයෙකු නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී ඉන්දීය කථානායකවරයාව හමුවී ඇති ඊශ්‍රායල් කථානායකවරයා පවසා ඇත්තේ ඉන්දියාව යනු ඊශ්‍රායලයේ සමීපතම මිතුරෙකු බවය. ඉන්දියාව බොහෝ ක්ෂේත්‍රවලින් ලොව නැගීඑන බලවතෙකු බවද ඊශ්‍රායල් කථානායකවරයා සඳහන් කර ඇත. ඉන්දියාව සමග ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඊශ්‍රායලයේ අපේක්ෂාව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More