Author: LFN

මිලියන 30ක මුදලක් වංචාකර මෙරටට පළාවිත් සැඟව සිටි චීන ජාතිකයන් 28දෙනකු සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් 5දෙනකු ද සිටින බව අලුත්ගම පොලීසිය පවසයි. ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් සහ වටිනා ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත. මාස දෙකක පමණ කාලයකදී චීනයේ දී අන්තර්ජාලය ඔස්සේ එම මුදල් වංචාව සිදුකර ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය කළ දැනුම්දීමක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් ය. චීන තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයෙකු කැඳවා සැකකරුවන්ගෙන් සහ සැකකාරියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව අලුත්ගම පොලීසිය පවසයි.

Read More

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06දෙනෙකු තුවාල ලබා තිබේ. එලෙස මියගොස් තිබුණේ, බදුල්ල ධර්මදූත මහ විදුහලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකි. බදුල්ල ධර්මදූත මහ විදුහල සහ බදුල්ල ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය ඊයේ (01) දෙවැනි දිනටත් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි. මීට සමගාමීව එම පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් රථ පෙළපාළියක්ද බදුල්ල නගරයේ පවත්වා තිබුණි. කෙසේවෙතත් එම රථ පෙළපාළියට ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නවත්වන්නැයි පොලීසිය දැනුම්දී තිබුණි. ඒ, හේතුවෙන් සිසුන් රැගත් රථවාහන කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම…

Read More

මාර්ගය දෙපස ව්‍යාපාර කටයුතු සිදුකිරීමට රජය මගින් අවසර ලබාදීමෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දැඩි බලපෑමක් එල්ලවන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා, “ඇත්තමට පදික වේදිකාවේ එළවළු විකුණනවා කියන එක මේ වෙලාවේ සුදුසු කටයුත්තක් නෙමෙයි. මම ඇමතිතුමා එකක් සාකච්ඡා කළා. එතුමා කිව්වා අවුරුදු කාලය වෙනතුරු විතරයි මේක කරන්නේ කියලා. නමුත් ආර්ථික මධ්‍යස්ථානවල අද ව්‍යාපාරිකයෝ බොහොම අමාරුවෙන් යන්නේ. හැම ආර්ථික මධ්‍යස්ථානයක වගේම මැනිං වෙළෙඳපොළෙත්. අනවශ්‍ය තීරණයක් ගත්තේ මේ වෙලාවේ… එළවළුයි, අනෙක් නිෂ්පාදනයි විකුණන්න තීරණය කිරීම.”

Read More

තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව්දෙනකු ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පැවසීය. එම තරුණයන් සිව්දෙනා පදවමින් සිටි යතුරුපැදි ද පොලිස් භාරයට ගෙන ඇත. පිළියන්දල, බෝකුන්දර, මැද්දෝවිට පාර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තනි රෝදයෙන් සහ අධික වේගයෙන් යතුරුපැදි පදවමින් අනාරක්ෂිත අයුරින් හැසිරෙන බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ලද තොරතුරක් අනුව එම ස්ථානය වටලා සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම ස්ථානය වටලන අවස්ථාවේදී තවත් තරුණයන් පිරිසක් යතුරුපැදිවලින් පළාගොස් තිබුණි. අත්අඩංගුවට ගත් තරුණයන් මහරගම පිළියන්දල ආදී ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 – 20ත් අතර පසුවන්නන් ය. සැකකාර තරුණයන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. ඒ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදීය. “අපේ රට මුහුණ දෙන විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න අවශ්‍ය පළමු පියවර ආරම්භ කළා.” “හෙට විශ්වවිද්‍යාලයේ ආර්ථික කථිකාචාර්යවරුන් හමුවෙන්න මම බලාපොරොත්තු වෙනවා.” “මම ජනාධිපති වුණේ රටේ විශාල අවුලක් තිබුණු වෙලාවක. පාර්ලිමේන්තුව අල්ලගන්න තත්ත්වයට ඇවිත් තිබුණේ.” “එදා හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ගත් පියවරවල්වලට මම අද ස්තූති කරනවා. ඒ පියවර ගත්තේ නැත්නම් අද අපිට මෙහෙම ඉන්න බැහැ.” “අමාරු තීරණ ගන්න සිදුවුණා. බදු වැඩි වුණා, භාණ්ඩ මිල වැඩි වුණා, බදු ගෙවන්න සිදුවුණා. ආදායම් සීමා වුණා. ප්‍රශ්න නැති කවුරුවත් මෙතන නැහැ. ඒ තීරණ ගත්ත…

Read More

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩුකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400ක මිල රුපියල් 80 කින් පහළ යනු ඇති. මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර බේකරි හා හෝටල්හිමියන් වෙත බෙදාහැරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතී. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එම බිත්තර මගින් මහජනතාවගේ සෞඛ්‍යයට හානි විය හැකි කිසිවක් මේ දක්වා හඳුනාගෙන නොමැති බවය. මේ අතර අද සිට ලබන 18 වනදා දක්වා මාර්ගය දෙපස එළවලු, පළතුරු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා එම නිෂ්පාදකයින්ට අවස්ථාව ලබාදී තිබේ.

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනසක් සිදුකළ යුතු බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසයි. වෙනත් රටවල් අනාගත වෘත්තීන්ට අනුකූල වන ලෙස සිය අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක් කර තිබුණද ශ්‍රී ලංකාවේ එය මෙතෙක් සිදුකර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය. 1940 වසරේ සැප්තැම්බර් 20වනදා උපත දල ඒ මහතා මහනුවර ධර්මාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1969 වසරේ රැයත් දවාලත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා හන්තානේ කතාව, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ. අභවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Read More

හසලක, වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ. අතුරුදන් වී ඇත්තේ 08 හැවිරිදි වේරගංතොට, බුලත්වැල්කඳුර ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පැවසීය. අදාළ දරුවා සිය වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගඟේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ. අතුරුදන්වූ දරුවා සෙවීමේ මෙහෙයුම් හසලක පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්වී ආරම්භ කර ඇත.

Read More