Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන තැන සිදුවන ඝාතන
    Featured

    තැන තැන සිදුවන ඝාතන

    By LFNApril 5, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බල්ලකෙටුව, නාවෙලගම ප්‍රදේශයේදී මුණුබුරා විසින් ආච්චිට සහ සීයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

    ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

    එසේ මියගොස් ඇත්තේ, 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි කාන්තාවකි.

    ඔවුන් නාවෙලගම පාර, බල්ලකෙටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

    මරණකරු හා මරණකාරිය ඔවුන්ගේ මුණුබුරා සමග බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිට ඇත.

    මරණකරුවන්ගෙන් මුණුබුරා මුදල් ඉල්ලා ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

    මෘත ශරීර දෙමෝදර හා බදුල්ල රෝහල්වල තැන්පත්කර ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

    ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට බල්ලකෙටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මේ අතර කිලිනොච්චිය, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේදී මාමණ්ඩිය විසින් පොල්ලකින් පහරදී බෑනා ඝාතනය කර තිබේ.

    ඊයේ (04) උදෑසන කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

    එසේ මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ක්‍රිෂ්ණපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මරණකරු සිය බිරිඳ සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් අමනාපවී ඇයගේ දෙමාපියන්ගේ නිවසට ගොස් නැවතී සිට ඇත.

    මරණකරු බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට ගොස් එහිදී ආරවුලක් ඇති කරගෙන බිරිඳට පහරදී ඇයගේ නිවසේ ජනේලවල වීදුරුවලටත් පොල්ලකින් පහරදී බිරිඳගේ සහෝදරයාට ද පහරදීමට ලුහුබැඳ යන විට බිරිඳගේ පියා විසින් ඔහුට පොල්ලකින් පහරදී එම ඝාතනය සිදුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.