Author: LFN

පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0යි දශම 3ක වර්ධනයක්. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 169ක්. 2023 පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයින් එක් ලක්ෂ 7,639යෙකු පැමිණ තිබෙනවා. ජනවාරි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 2,545ක්. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 96,507ක් පමණයි. මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශයෙන්. 2022 වසරේ ජනවාරි, පෙබරවාරි මාසවලදී සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 321ක් මෙරටට…

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟයෙන් ජය ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු 5කින් ජය ගනිමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 178ක් රැස් කළා. එහිදී රුතුරාජ් ගයික්වාඩ් පන්දු 50කදී ලකුණු 92ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට 6යේ පහර 9ක් සහ 4රේ පහර 4ක් ඇතුළත් වුණා. ජයග්‍රාහී ලකණු 179ක් හඹා යාමට පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 182ක් රැස් කරමින් තරඟය ජය ගත්තා. ශුග්මන් ගිල් පන්දු 36කදී රැස් කළ ලකුණු…

Read More

එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද (01) සිට අවසර හිමිවන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය සඳහන් කළේ උත්සවය සමයේ තාවකාලික දින පදනමක් මත මෙම අවසරය ලබාදෙන බවය. ඒ අනුව අද සිට අප්‍රේල් 12 වනදා දක්වා වන කාලය තුළ මාර්ග ආශ්‍රිතව වෙන්කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය මත සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවේ. මේ වන විට මහරගම නගරය ඇතුළු ස්ථාන කිහිපයක රෙදිපිළි ඇතුළු ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිත ස්ථාන වෙන්කර දී…

Read More

ශ්‍රී ලංකා රජය අපේක්ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති අතර, IMF මූල්‍යනය ලබාගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්ව ක්‍රියාමාර්ග සාර්ථකව අත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. IMF වැඩසටහනට අනුව, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ළඟා කරගැනීම සහ රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ණය තිරසරබව යළි ඇති කිරීම, මිල ස්ථායීතාව යළි ඇති කිරීම සහ බාහිර ස්වාරක්ෂක යළි ගොඩනැඟීම, මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරැකීම, දූෂණ අවදානම් සහගත තත්ත්වයන් අවම කිරීම සහ තවදුරටත් වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පූර්ණ වශයෙන් කැපවී සිටින බව මහ බැංකුව පවසයි. ශ්‍රී ලාංකික ජනතාව රජයේ ප්‍රමුඛත්වය වන අතර, IMF වැඩසටහනෙහි කොටසක් ලෙස, වඩාත් අවදානම් සහගත ප්‍රජාව ආරක්ෂා…

Read More

සියයට 12.9ක ප්‍රතිශතයකින් මේ වනවිට බස් ගාස්තු අඩුකර තිබුණ ද ඇතැම් බස් රථ පැරණි මිලටම ඊයේ (31) දිනයෙත් ගාස්තු අය කළ බව මගීන් චෝදනා කරයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන ලෙසය.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නිධන් වස්තු සෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. කරදියනාරු මාවඩිඔඩයි පුරාවිද්‍යාත්මක ස්ථානයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ

Read More

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම නිසා ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු අඩාලවීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීමට සම්බන්ධ නොවීමෙන් එම කටයුතු මේ වනවිට මසකට වැඩි කාලයකින් ප්‍රමාදවී තිබේ. 2023 ජනවාරි මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 339,000ක් පෙනී සිටියේය. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙබරවාරි 23 වනදා සිටය. පිළිතුරු පත්‍ර ඇගයීමට ආසන්න වශයෙන් සති 06ක් ගතවන අතර ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය 19,000කි. පසුගිය වසරේ සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම සිදු කළද…

Read More

ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක. මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ගාල්ල කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල්වල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(31හදිසියේ එහි ගියේය. පෙර දැනුම් දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ සංචාරක හෝටල් හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු සෘජුව සොයා බැලීමේ අපේක්ෂාවෙනි. සංචාරක හෝටල්වල වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ සෘජු අවධානයට ලක් වූ අතර හෝටල් හිමියන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු සම්බන්ධවද දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කළේය. එම සංචාරක හෝටල්වල නවාතැන්ගෙන සිටි විදේශීය සංචාරකයන් කිහිප දෙනකුගේ ද තොරතුරු විමසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය. එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට…

Read More

සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අද (31) කොළම වරාය අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැමිණෙන ලදී. එහිදී එම සංවිධානයේ සාමාජිකයින් පවසා සිටියේ අදාල ආයතන තුල සිටින පහලම තනතුරේ සිට ඉහලම තනතුරු දක්වා සේවකයන් සාමාන්‍ය මට්ටමට වඩා විශාල වැටුපක් ලබා ගන්නා බවයි. එම වැටුප් ලබමින් තවදුරටත් මහජනතාව අපහසුතාවයට ලක්වන අයුරින් වෘත්තීය ගැටළු මතුකරමින් කටයුතු කරන බවත්, අදාල සේවකයන් බදු ගෙවීමටද විරෝධය දක්වමින් උද්ඝෝෂණ පවත්වන බවයි. එබැවින් ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ සියළු සේවකයන්ගේ වැටුප් පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා බවත්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියළු දෙනාගේ තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන බවත් එම සන්ධානය වැඩිදුරටත්…

Read More