Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකිය. නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
ශ්‍රී ලංකාවෙි නිෂ්පාදනයක් වන සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමෙි නවතම මෝටර් සයිකල් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු විය. අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගා සිටුවීමට ලංකා බැංකුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන යටතේ මෙම නිෂ්පාදන කටයුතු කර තිබෙි. සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන් වඩුගේ මහතා ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් පිළිගැන්වීය. කර්මාන්ත අමාත්‍යාංශය හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ. ලංකා බැංකුවේ පූර්ණ…
අද (15) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් ඊයේට සාපේක්ෂව ඉහළගොස් තිබේ. ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 327.59ක් ලෙස දැක්වෙන අතර එහි විකුණුම් සඳහන් වන්නේ මිල රුපියල් 344.66 ලෙසය.
දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය හෙට සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට උදෑසන 8 සිට වැඩ වර්ජනය මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තීයවේදීන්ගේ එකමුතුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවලියක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුකාරවරු සමග පැවති සාකච්ඡාවකදී එම දැනුවත් කිරීම සිදු කර ඇත. එළඹෙන 19 වනදායින් අනතුරුව පළාත් පාලන ආයතන 341ක නිල කාලය කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතය. ඒ අනුව, මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරු යටතට පත්වනු ඇත. රජය ගනු ලබන තීන්දු, තීරණ පළාත් පාලන ආයතන මට්ටමෙන් ක්‍රියාවට නැංවීමේදී ජනතා අපේක්‍ෂාවන් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට පෙන්වා දී තිබේ.…
ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගක අද (15) නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය . මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් මෙම සංගමය විසින් සිදු කරති . එහෙත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා , හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා , වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ…
මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබේ. මේ අතර ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් නිසි පියවර ගෙන ඇති බව බලධාරීන් පවසයි. සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම්කර ඇති බව CPC සහ CPSTLහි සභාපති එම්. යූ. මොහොමඩ් මහතා තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රජය මුදල් නිසි ලෙස කළමනාකරණය කොට දූෂණය පිටුදැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම, මහජන නියෝජිතයින් භුක්තිවිදින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම, වැනි ප්‍රායෝගික විසඳුම් තුළින් මහජන පීඩා අවම කිරීමට රජය කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දෙමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් විසින් විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ . මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් ගේ අත්සනින් යුතුව නිකුත් කොට ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පළාත්පාලන මැතිවරණය කල් දැමීම ජනතාව අතර යම් නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම යනු…
ප්‍රංශය, ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය නාවික හමුදා අභ්‍යාසයක් සඳහා එක්වී තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් මෙම නාවික හමුදා අභ්‍යාසය සිදුකෙරෙන බවය. ඉන්දීය සාගර කලාපය තුළ එම යුද අභ්‍යාසය ක්‍රියාත්මක අතර මෙවර පැවැත්වෙන්නේ එහි තෙවන අදියරයි. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීයාව, අමෙරිකාව සහ ජපානය යන රටවල නාවික හමුදාවන්ට අයත් නෞකා මෙම නාවික අභ්‍යාසය සඳහා එක්වී ඇති බවය. ප්‍රංශය වෙනුවෙන් ඔවුන්ගේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ඊට දායක වී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට ලිපියක් යවා තිබේ. ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගීතාවය ලබාදෙන ලෙසය. ජනාධිපතිවරයා සිය ලිපියෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ බාහිර ණය තත්ත්වය පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව අවශ්‍ය තොරතුරු අදාළ පාර්ශ්වයන්ට ලබාදෙන බවය.