Author: LFN
විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තමන්ට එල්ල කරන චෝදනා ප්රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තමන් උපකුලපති තනතුරින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවය. විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්යාලයේ උපකුලපතිවරයා ප්රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉකුත් පෙබරවාරි මස 08 වනදා ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ක්රියාත්මක කරන පසුබිමක රුහුණු විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ඊයේ (02) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එල්ල වන චෝදනා ප්රතික්ෂේප කළේය.…
ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්රී ලංකා ක්රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් පත් කරලා තිබේ. එහි සභාපති ලෙස හිටපු ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය මහතා පත් කර ඇත. එම කටිටුවේ සාමාජිකයින් සඳහා හිටපු ක්රිකට් ක්රීඩකයින් වන පාර්වීස් මහරූෆ්, අසන්ත ද මෙල්, චරිත් සේනානායක සහ කපිල විජේගුණවර්ධන පත් කර තිබේ.
රුපියල් මිලියන 67කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. තලෛයිමන්නාරම, වැලිපර ආශ්රිත මුහුදු ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම අයිස් මත්ද්රව්ය තොගය සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය. එහිදි පාවෙමින් තිබූ උරයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහි පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 04 කට අධික තොගයක් සොයාගෙන තිබේ. රට තුළට ප්රවාහනය කිරීමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්රව්ය තොගය මුහුදේ අත්හැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැකපළ කරයි. අයිස් මත්ද්රව්ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
දිවයිනේ බොහෝ ප්රදේශවල අද (03) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රාජගිරිය බණ්ඩාරනායකපුර ඉදිකරමින් පවතින නිවසක් තුළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. ගොතටුව පොලිස් ස්ථානය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) පැවැති පන්දුවාර විස්සයි විස්ස පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්රීඩා කිරීමට සිදුවිය. එහිදී නවසීලන්ත කණ්ඩායම සිය සුපර් ඕවරයේදී රැස්කළේ ලකුණු 8ක් පමණි. නමුත් ජයග්රහණය ට අවශ්ය ලකුණු පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණි.
උසස් පෙළ විභාගයේ උත්තර පත්ර පරීක්ෂාව ප්රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්යය ශ්යාම බන්නැහැක මහතා ප්රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවය. “ඉතා පැහැදිලිව ප්රකාශකරනවා. මේ උසස් පෙළ විභාගයේ උත්තර පත්ර පරීක්ෂාවෙන් අපි ඉවත් වෙනවා කියලා තීරණය කළේ.. මේ බදු ප්රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන අපේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් අවශ්යයි කියන පදනමින්. වෙනත් කිසිම ඉල්ලීමක් මේකට ගැටගැහිලා නැහැ. ඒ සමගම ජාතිවාදී ප්රශ්නයක් ඇතිකරන්න හදනවා සිංහල මාධ්යයේ උත්තර පත්ර බැලීම පමණයි නොකෙරෙන්නේ. දෙමළ මාධ්යයේ උත්තර පත්ර බලනවා කියලා. මම ඉතාමත්…
දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාට හිමිව තිබූ නිල නිවස යළි රජයට භාර දි තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන හේමා ප්රේමදාස විසින්. ව්යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසක් හිමිවන අතර ඔහු අභාවප්රාප්ත වූ විට එම නිල නිවස ඔහුගේ බිරිඳට භාවිත කිරීමට අවස්ථාව පවතිනවා. කෙසේ වෙතත් කොළඹ පිහිටි එම නිල නිවස හේමා ප්රේමදාස විසින් කිසිදු දිනෙක භාවිත කර නොමැති බවයි වාර්තා වුණේ. ඒ අනුව, ජනාධිපති ආර්යාව විසින් එම නිල නිවස රජයට භාර දී තිබෙනවා.
ඉදිරි යල සහ මහ කන්න අස්වනු සරු කර ගැනීම සඳහා ජය ශ්රී මහා බෝ සමිදුන් අභියස පවත්වන සාම්ප්රදායනුකූල අලුත් සහල් මංගල්යය අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. කෘෂිකර්ම අමාත්යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන රැසක දායකත්වයෙන් අලුත් සහල් මංගල්යය සිදු කෙරෙනවා. 2022/23 මහ කන්නයේ සෑම දිස්ත්රික්කයකම ගොවි ජනතාව විසින් සිය අස්වැන්නේ පළමු කොටස ජය ශ්රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම උදෙසා අලුත් සහල් මංගල්යය පවත්වනු ලබනවා.
ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි විය. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළේය. තරගය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවැත්වේ. මෙම පන්දුවාර 20යි විස්ස තරගාවලිය තරග 3කින් සමන්විත වෙයි. 2019 වසරේ සිට අවසන් වරට පැවති තරග පහෙන් හතරක් ම ජයගෙන ඇත්තේ නවසීලන්ත කණ්ඩායමය.