Author: LFN

උත්සව සමය වෙනුවෙන් පොලීසිය මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ සැලසුම් කිහිපයක් සකස් කර ඇති බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. එළඹෙන උත්සවය සමයේදී මහජනතාව වංචාවලට හසු නොවී සිටීම සඳහා දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිහාල් තල්දූව මහතා පැවසුවේ විවිධ භාණ්ඩ මිලදීගැනීමේදී එම භාණ්ඩ පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න පිළිබඳ සැලකිල්ලක් දක්වන ලෙසටය. එසේම එහිදී අදාළ භාණ්ඩවල මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වංචාකාරී කූඨ වෙළෙන්දන්ට හසුනොවන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර උත්සව කාලයේදී ජාවරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සඳහා එක්කරන බවත් ඒ පිළිබඳ ජනතාව…

Read More

ඉදිරියේදී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවය. අද 04) දිනයේ පළමුවෙන් මධ්‍යම පළාතේ දී දේශීය බිත්තර කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “අපි තීරණයක් ගත්තා හෙට ඉඳලා බිත්තර කිලෝ ගානට විකුණන්න. ඉන්දීයන් බිත්තරේ ගන්න පුළුවන් නම් බේකරි හිමියන්ට ග්‍රෑම් එකක් ශත 85 ගානේ හෙට ඉඳලා අපි දෙනවා ග්‍රෑම් එකක් ශත 80 ගානේ. පාරිභෝගිකයින්ට කිසිදු ප්‍රශ්ණයක් නෑ. කේක් එකකට ඉන්දියන් බිත්තර 10ක් ඕනේ නම් අපේ බිත්තර දාන්න ඕනේ 6ක් හෝ…

Read More

රට ගොඩනැගීමට නම් නිෂ්පාදනය සහ සේවා යන අංශ දෙකෙහිම සංවර්ධනය අවශ්‍ය බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගිය (02) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ IMF වෙත 16 වතාවක් ගියද එම වැඩපිළිවෙල අසාර්ථක වූයේ යම් කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීමෙන් බවය. බදු පැකේජය ඉවත් කරන්න පුළුවන් ක්‍රම දෙකක් පවතින අතර මීට වඩා අය බදු ගෙවීමට එකතු කර ගැනීම හෝ රජයේ ආදායම් වැඩි කරගෙන යම් කිසි ආකාරයක වැටුප් වැඩි කිරීමක් සිදු…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

භූ කම්පන පිළිබඳ නව පරීක්ෂණ උපකරණ සවිකර කොළඹ ආශ්‍රිතව සිදුවන කම්පන පිළිබඳ කඩිනමින් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ හරහා කොළඹ ආශ්‍රිතව සිදුවිය හැකි බරපතළ කම්පනයන් පිළිබඳ පුරෝකථනයන් සිදුකිරීම මගින් අවදානම් තත්ත්වයන් මගහරවා ගත හැකි බවය. මෙය බියවිය යුතු තත්ත්වයක් නොවන බවත් ඒ පිළිබඳව අධ්‍යයනයක් කිරීම වැදගත් බවත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,

Read More

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කෙරුණි. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.

Read More

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය. ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා තිබේ.

Read More

කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අද (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා, “දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ. ඉතින් පෞද්ගලික ව්‍යවසායේ ඉන්නා දක්ෂයා සමග පාක්ෂිකයාට තරග කරන්න බෑ තමයි. ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර මිල දී ගන්නේ අඩුම මිලට තිබෙන ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයි. රාජ්‍ය ව්‍යවසාය මිල දී ගන්නේ වැඩිම කොමිස් මුදල ගෙවන සැපයුම්කරුවාගේ භාණ්ඩයි. සෑම රාජ්‍ය ව්‍යවසායකටම මේ කරුණු අදාළ නොවුණත් සාතිශය බහුතරයක් සම්බන්ධයෙන් මේ කරුණු අදාළයි. ඒ නිසා…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. පෙත්සම අද (03) කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර වසන්ත මුදලිගේ අධිකරණයේ පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සඳහා පමණක් එම පෙත්සම අද කැඳවන ලෙස ඉල්ලා සිටි බව දන්වා සිටියේය. ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය පෙත්සම ජුනි මස 01 වනදා කැඳවන ලෙස නියෝග කළේය.…

Read More

ලෝකයේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවන් වන සෞදි අරාබිය සහ ඔපෙක් සාමාජික රටවල් සිය ඉන්ධන නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ හෙළීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව දෛනිකව බැරල් මිලියන 1.16ක් පමණ නිෂ්පාදනය අඩුකිරීමට එම රටවල් තීරණය කර තිබුණි. ඒ අනුව මේ වනවිට රුසියාව සහ අනෙකුත් ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇති බැවින් දෛනිකව අඩුකර ඇති ඉන්ධන නිෂ්පාදන ධාරිතාව බැරල් මිලියන 3.66ක් හෙවත් ලෝක ඉන්ධන ඉල්ලුමෙන් 3.7% බව දැක්වෙයි. ඒ හේතුවෙන් ලෝක ඉන්ධන මිල ඉහළයාම නොවැළක්විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවසූ බව එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

Read More