Author: LFN

විගමනික ශ්‍රමිකයින් වසරක කාලයක් තුළ මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම්වෙමින් ඔවුන්ට අතිරේක තීරුබදු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, මෙම වසරේ පළමු මාස දෙක තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවය. “2023 වසරේ මේ මාස දෙකට විතරක් ඩොලර් මිලියන 844ක් ඇවිත් තියෙනවා. ජනවාරි පෙබරවාරි මාස දෙකේ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 464 හම්බෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් දෙගුණවීමක් වෙලා තියෙනවා.” විගමනික ශ්‍රමිකයින් 2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට වසරක කාලයක් තුළ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම පදනම් කර ගනිමින් අතිරේක තීරුබදු දීමනාවක් ඔවුන්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව…

Read More

අද (04) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගි වන්නන්ට ජනාධිපති මන්දීරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කළේය. ඒ අදාළ විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව පොලීසිය බී වාර්තාවක් යොමු කරමින් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. විරෝධතාවයට සහභාගි වන්නන්ට පෙළපාලියකින් ගොස් එම ස්ථානයන්ට ඇතුළුවීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. අදාළ නියෝගය මේ සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වසන්ත සමරසිංහ, බන්දුල සමන් කුමාර, රවී කුමුදේශ් සහ උදේනි දිසානායක යන අය ඉදිරියේ කියවා භාර දෙන ලෙසද, නීතිවිරෝධි අන්දමින් කටයුතු කරන්නේ නම් පොලිස් ආඥා පනත,…

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බවය. එමෙන්ම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402කින් පහත දමා තිබේ. ඒ අනුව 1,904ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183කින් පහත දැමෙන අතර රුපියල් 883ක්ව පැවති එහි නව මිල රුපියල් 700ක් වේ. ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල…

Read More

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි. ලිට්‍රෝ ගෑස්මිල සංශෝධනය කිරීමෙන් පසු සිය සමාගමේ ගෑස් මිල ගණන් ද සංශෝධනය කිරීමට නියමිත බව ලාෆ්ස් සමාගම සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මාසික මිල සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කින් හෝ ඊට ආසන්න මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවය. ඊට සමගාමිව කිලෝ ග්‍රෑම් 05 සහ කිලෝ ග්‍රෑම් 02.3 ගෑස් සිලින්ඩරවල මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට…

Read More

වඳුරඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී කඩදාසි කපන පිහියකින් එම සිසුවාගේ කන කපා බරපතළ තුවාල සිදුකළ පාසල් සිසුන් 5ක් නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පාසල් කිහිපයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකි. නාගොඩ, බෝවිටියමුල්ල හන්දියේ දී ඊයේ (03) දහවල් තුවාල ලැබු සිසුවාට තවත් පිරිසක් පහර දී තිබුණේ සවස 1.50ට පමණය. පුද්ගලික ආරවුලක් මත අදාළ පහරදීම සිදුව ඇති අතර, පහරදුන් පිරිස අතැති කඩදාසි කපනයකින් සිසුවාගේ කනට පහළින් කපා තිබුණි. පහරකෑමට ලක්වු සිසුවා ඉන් මිදීම සඳහා අසල ඇති කැලයකට රිංගා දිවි බේරාගෙන ඇතැයි ද වාර්තා වේ. කෙසේ වෙතත්…

Read More

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ලබන 2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය කටයුතු කළේය. ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති. ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය. ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය. වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය. රීඩ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙයි. ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි. යළි සඳට ගොස් සඳ ගවේෂණය පමණක් නොව,…

Read More

මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ හෘදයාබාධයකින් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ. 2020 වසරේදී ඉන්දියාවේ කොයිම්බතූර්හි දී ‘අංගොඩ ලොක්කා’ මියගිය අතර ඔහුගේ මියයාම සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ අංශය විසින් පසුගියදා එරට අධිකරණයට වාර්තාවත් ඉදිරිපත් කර තිබුණි. එම වාර්තාවට අනුව ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකින් බවට තහවුරු කර ඇති අතර ඒ අනුව ඔහුගේ මියයාම සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කිරීමට ද කොයිම්බතූර් අධිකරණය පියවර ගෙන තිබේ. ඉන්දියාවේ බලාජි නගරයේ කුලී නිවසක ජීවත් වූ ‘අංගොඩ ලොක්කා’ 2020 ජුලි මස 03 වන දින රාත්‍රියේ හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණි. රෝහල්ගතකිරීමෙන් අනතුරුව ඔහු මියගිය අතර මරණය සැකසහිත…

Read More

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අද (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට ඇති බ‍ව වාර්තා වේ. 76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස සැලකේ.

Read More

අද (04) දහවල් 12 ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී ඒකාබද්ධ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තිය සමිති එකමුතුව පවසයි. ඊයේ (03) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේ ෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ සමස්ථ මහජනතාව වෙනුවෙන් වෘත්තීය සමිති සියල්ල පෙනී සිටින බවය. “අද සමස්ථ වෘත්තීය සමිත එකතුවෙලා තීරණයක් ගත්තා මේ අසාධාරණ නීතිවලට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම රටේ සමස්ථ මහජනතාව වෙනුවෙන් මේ වෘත්තීය සමිති මෙතනින් එහාට පෙනී සිටින බව අපි පැහැදිලිවම කියනවා.” එහිදි අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා, “සියලු වෘත්තීය සමිති…

Read More

ඉදිරි මාස දෙක ඇතුළත පොලී අනුපාත පහළ දමනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා, “මිනිසුන්ට තවමත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ප්‍රධානම වශයෙන් මහ බැංකු අධිපති නන්දලාල් මැතිතුමා එක්ක මම ගිය සතියේ සාකච්ඡා කළා ඊළඟ මාස දෙක ඇතුලත අනිවාර්යයෙන්ම පොලී අනුපාතය අඩු කරනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අඩුගානේ 15%ත් 20% ත් අතර පොලී අනුපාතය අඩු කරන්නට බලාපොරොත්තුවක්ති යෙනවා.”

Read More