Author: LFN
සිරුරෙන් වෙන්වී තිබූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි. කෑගල්ල එරබඳුපිටිය ප්‍රදේශයේ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණියගේ අතට මන්නා ප්‍රහාරයක් එල්ලවී ඇත. එම ප්‍රහාරයෙන් තරුණියගේ වම අතේ පහළ කොටස වෙන්වී ගොස් තිබූ බව වෛද්‍යවරුන් පවසයි. කෙසේ වෙතත් අයිස් බෑගයකට දැමූ එම තරුණියගේ වෙන් වී ගිය අතේ කොටස සමඟ තරුණිය කඩිනමින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී වහාම ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිරුරෙන් වෙන්වී ගිය අත බද්ධකිරීම සඳහා සැත්කමක් ආරම්භ කර තිබේ. විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා අද…
හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු සමග යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් ඉන්දීය ජාතිකයින් බවට අනාවරණය වී තිබේ. නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ඊයේ කළ විශේෂ වැටලීමකදී අදාළ සැකකටයුතු යාත්‍රාව පරීක්ෂා කර ඇත. එම යාත්‍රාව තුළ උර 3ක් තුළ පාර්සල් 95ක අසුරා තිබියදී හෂීස් තොගය සොයාගත් බව නාවික හමුදාව පවසයි. මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් සමග එම යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදේ කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.…
පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අතර උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම අලාභ ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් මිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් බිලියන 218ක් බවය. සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ලාභ ලබන ආයතන විසින්, රු.මිලියන…
ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. කෙසේවෙතත් 2024 වසරේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ. 2022 වසරේ දී මෙරට ආර්ථික 7.8%කින් හැකිළීමට ලක්වූ අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ හා ගෙවුම් ශේෂයේ දුෂ්කරතා හේතුවෙන් එය 2023 වසරේ දී ද සියයට 3%කින් තවදුරටත් හැකිළෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි. 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත්වීම ආරම්භ කරනු ඇති බව ඔවුන් පවසයි. 2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය සිල්වා ලකුණු 37ක් රැස්කළේය. පන්දු යැවීමේදී ඇඩම් මිල්නේ ලකුණු 26කට කඩුලු 5යි. ලකුණු 142ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 4ක් අවසානයේදී එක් කඩුලක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Tim Seifert…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණ දායකත්වය ද ලබාගන්නා බවය. “රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුවිශේෂි ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවක් ඒ සඳහා සුදුසු බුද්ධිමත් උගත් අයගෙන් මුදල් අමාත්‍යාංශය විසින් පත්කරලා තියෙනවා. මේ පිළිබඳව සුවිශේෂී සොයා බැලීමක් කරලා එකින් එක ඒ ආයතනයට ගැළපෙන පරිදි ඉතා විනිවිඳභාවයෙන් යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිසංස්කරණය කොටස.. ජාත්‍යන්තර මුල්‍ය අරමුල සමග ඇතිකරගත් එකඟතාවය විදිහට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියන පරිච්චේදය කියවන්න. එකේ ඉතා පැහැදිලිව තියෙනවා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයදී ජාත්‍යන්තර…
බල්ලකෙටුව, නාවෙලගම ප්‍රදේශයේදී මුණුබුරා විසින් ආච්චිට සහ සීයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, 75 හැවිරිදි පුද්ගලයෙකු සහ 69 හැවිරිදි කාන්තාවකි. ඔවුන් නාවෙලගම පාර, බල්ලකෙටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය. මරණකරු හා මරණකාරිය ඔවුන්ගේ මුණුබුරා සමග බල්ලකෙටුව ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිට ඇත. මරණකරුවන්ගෙන් මුණුබුරා මුදල් ඉල්ලා ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෘත ශරීර දෙමෝදර හා බදුල්ල රෝහල්වල තැන්පත්කර ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇත. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට…
ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් ඊයේ (04) රාත්‍රී දිවයිනට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති අසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේවන විට බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බවය. බිත්තර මිලියන 2ක ප්‍රමාණයක් පසුගිය 23 වැනිදා පළමු වරට ආනයනය කෙරෙණු අතර දින 4කට පමණ පෙර තවත් බිත්තර මිලියනයක් ආනයනය කෙරෙණු බව ඔහු පැවසීය. එම බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය. ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට…
ඉදිරි මාසයේදී මෙරට උද්ධමනය කැපී පෙනෙන අයුරින් පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (04) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, උද්ධමනය තනි ඉළක්කමක් දක්වා පහළ බසිනු ඇති බවය. “ලබන මාසයේ සිට උද්ධමනය තවදුරටත් පහතවැටීමට පැහැදිලිවම බලපාන හේතූන් කිහිපයක් දැකිය හැකියි. මෙම ප්‍රවණතා ගමන්මඟ දෙස බැලූවිට ලබන මාසයේදී උද්ධමනය පසුගිය මාස දෙකට වඩා කැපී පෙනෙන ලෙස පහත වැටේවී. එම ප්‍රවණතාව ඉදිරියටත් ක්‍රියාත්මක වේවි. උද්ධමනය පහත වැටීම වේගවත්වීමට ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් ආදියේ මිල අඩුවීමද බලපාන බව පැවසිය හැකියි. මේ වසර අවසන් වනවිට උද්ධමනය තනි අගයක් දක්වා පහත වැටෙනු…