Author: LFN
උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා පදික වෙළෙඳුන්ට අවස්ථාව ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර එහිදී පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවය.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත්ව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සාමාජිකයින් විසින් 2024 සිට 2028 දක්වා සිව් අවුරුදු ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකාව එම කොමිසමට තෝරාපත් කරගෙන ඇති බවය. කාන්තාවන්ගේ අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ දිගුකාලීන සම්ප්‍රදාය, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වන කැපවීම පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රි ලංකාව ඒ සදහා තෝරා පත් කරගෙන තිබේ. බංග්ලාදේශය, බෙල්ජියම, බොලීවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තය මෙවර එම කොමිසම සදහා තේරී පත් වූ සෙසු රටවල් වන බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.…
ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12ට අමරතව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා තිබේ. (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකිය. ඒ අනුව ටින් මාළු (425g) නව මිල රුපියල් 490ක් වන අතර එහි ඉතිරිය රුපියල් 30කි. ලොකු ලූනු 1kg ක නව මිල රුපියල් 97ක් වන අතර එහි ඉතිරිය රුපියල් 22කි. පාන් පිටි 1kg ක නව මිල…
ඉන්දියාව සමග පවතින වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා රුසියාව තවත් පියවරක් ගෙන තිබේ. ඒ අනුව, රුසියාවේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සිය කාර්යාලයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී විවෘත කර ඇත. ඉන්දියාව තුළ රුසියාව සිදුකරන ව්‍යාපාරික මෙහෙයුමේ කොටසක් ලෙස එම කාර්යාලය විවෘත කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ දෙරට අතර වෙළෙඳ ගනුදෙනු දිනෙන් දින ශක්තිමත් වෙමින් ඇති බවය. 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී රුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳ ගනුදෙනු දෙගුණකටත් වඩා වර්ධනය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සනත් ජයන්ත එදිරිවීර මහතා සහ එහි සාමාජිකයින් ලෙස තවත් 06 දෙනෙකු පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුමත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම් සිදුකර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය කළේය.
රජය මගින් ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හරහා ත්‍රස්තවාදයට පුළුල් අර්ථ කථනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන්වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙන්නේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නීත්‍යානුකූල විරෝධය දැක්වීමක් අතර වෙනස හඳුනාගැනීම දුෂ්කර වන බවය. මේ අතර පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කළේ, “අපි සමහරවිට බණක් කිව්වොත් එහෙම..ඒ බණේ ඇතැම් කොටස් අරගෙන ඒක බරපතළ ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දෙන්නක් හැටියට තීරණය කළොත්..? ඇතැම්විට අපි දේශපාලන ව්‍යුහය පවා විවේචනය කරනවා ධර්ම දේශනාවලදි.” මේ අතර ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබාදුන්නේය. ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි. මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව අදාළ සමාගම්වලින් දැනටමත් ආනයනය කර තිබෙන ඖෂධ තොග පිළිබඳව අදාළ ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එහි නිසි ප්‍රමිතියක් පවතින බවට තහවුරු වුවහොත් පමණක් ඒවා…
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196ක් ආනයනය කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඊ (06) නියෝග කර තිබේ. ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරුන් සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ලකර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවය. මෙම නඩුවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනිය විසින් ලබාදුන් සාක්ෂිය පිළිගත නොහැකි බව සඳහන් කළ අධිකරණය මෙම සිද්ධියට අදාළව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව…
ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය ( court vacation) හේතුවෙන් පනත සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය සැලකිල්ලට ගෙන පනත ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද කළ බවද ඔහු සඳහන් කළේය. මන්ත්‍රීවරුන්, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සංවිධාන කළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් විදියට ඒ තීරණය ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ අනුව බලාපොරොත්තු වන බවද…