Author: LFN
ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බවය. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇත. අදාළ හමුවේදී ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කර තිබේ.
ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී. ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමිනි. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් ඉටු නොවන බවය. මේ අතර ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ද වැඩිදුරටත් පැවසූ ඒ මහතා මෙහි වගකීම පාලකයින් භාරගත යුතු බව ද පැවසීය. “අපි අප්‍රේල් 4 වෙනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නවා. කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා කිසිවක් ඉටුවෙන්නේ නෑ. ජනතාවට සිදුවන අපහසුතාවයන්…
වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයට කටයුතු කිරිමට වත්මන් රජය සූදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, නිසි වැඩපිළිවෙළක් යටතේ රට සංවර්ධනය වෙත යන මොහොතේ එය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවය. “මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යෑම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. හැබැයි ජන ජීවිතය අඬාල කරන්න කාටවත් ඉඩදෙන්න පුළුවන්කමක් නෑ. සාධාරණ උද්ඝෝෂණවලට වැඩවර්ජනවලට අපේ කිසිම පීඩාවක්, කරදරයක්, බාධාවක් නෑ. ඒවට අපි ඉඩදෙනවා. නමුත් ජනතාව පීඩාවට පත්කරන කිසිම දෙයක් කරන්න ඉඩ තියන්න පුළුවන්කමක් නෑ. අපි එක එක්කෙනා කියපු විදියට වැඩ කරා මෙච්චර දවසක්. වෘත්තීය සමිතිවලට ඕන විදියට වැඩ කරා.…
සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අසත්‍ය පුවතක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, සියලුම දුරකථන සංවාද පටිගත කිරීම, දුරකථන ඇමතුම් ගබඩා කිරීම සහ වට්ස්ඇප්, ෆේස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.
මෙතෙක් TSP පොහොර හෙවත් මඩ පොහොර ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් මස 10 වනදාට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දෙයි. එම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග යළි ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විමසා ඇති අතර TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇති බවට එහිදී අනාවරණය වී තිබේ. ඊයේ (05) දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර එම පොහොර මෙට්‍රික් ටොන්…
කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පුද්ගලයකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ, සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටි ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇති තැනැත්තා කළුතර දකුණ පොලීසියේ ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, පොලීසිය එය විභාග කරමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇතැයි පොලීසිය පවසයි. 1990 සුව සැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති අතර, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇතැයි සඳහන් වේ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.
සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය. සිය වර්ජනය සඳහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේවෙතත් ආර්ථිකමය වශයෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක මෙවැනි වර්ජන ක්‍රියාත්මක කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය. මේ අතර දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ…
ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසයි. ඔවුන් පෙන්වාදෙන්නේ, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවය. ලෝක බැංකුව සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බවය. 2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවට එම වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ. ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණයේ සහය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක…
යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ පනත ඉදිරිපත් කර ඇත්තේ ප්‍රමාණවත් උපදේශනයකින් තොරව බවය. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්මත කර ඇති පුරවැසි අයිතිවාසිකම් සෘජුව හෝ වක්‍රව කප්පාදු කිරීමට හෝ යටපත් කිරීමට කිසිදු නීති සම්පාදනයක් නොකළ යුතු බවද එම සංගමය පවසයි. එසේම මෙය නීතියක් ලෙස සම්මත වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මේ අතර භික්ෂූන් වහන්සේ ඇතුළු තවත් සිවිල්…
ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු චරිත් අසලංක ICC 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව චරිත් අසලංකට හිමිව ඇති නව ස්ථානය 23යි. මීට පෙර ඔහු ICCයේ 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි 35 වන ස්ථානයේ පසුවිය. චරිත් අසලංකට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 572කි. 25 හැවිරිදි චරිත් අසලංක 20-20 තරග 36 කදී අර්ධ ශතක 4ක් සමගින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 820කි.