Author: LFN
යෝජිත ත්‍රස්ත විරෝධි පනත හරහා දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමට හැකි බැවින් එය ඉතා භයානක පනතක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ අවධාරණය කළේ, එම කෙටුම්පත පරාජය කිරීමට රට පිළිබඳව හැඟීමක් ඇති සියලුදෙනා එක්විය යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, “2023 ත්‍රස්ත විරෝධී පනත පසුගිය මාර්තු 17 වනදා ගැසට් කරන්න යෙදුනා. ඒකේ අර්තකථනය කිරීමේ බලය ගොඩක් දුරට දීලා තියෙන්නේ පාලනය කරන අයට. මේ පනතේම කොටසක තියෙනවා මිසලේනියස් ඕඩර්ස් කියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ජනාධිපතිගේ අතට තමයි නීතියේ බලය දීලා තියෙන්නේ. ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ…
ඩොලරය අවප්‍රමාණයවීම, ඉන්ධන මිල පහළයාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින් අඩුකළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඔහු ඊයේ (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ඊට අදාළ ලිපිය විදුලි බල මණ්ඩලය වෙත යොමු කර ඇති බවය. “පසුගිය මාස 03 ඇතුළත 2022 විදුලි ඉල්ලුම සාපේක්ෂව විදුලි ඉල්ලුම 22%කින් පමණ අඩු වෙලා. ඒ වගේම ඩොලරයේ අගය රුපියල් 375 ඉඳන් දැන් 335 වෙනකන් ඩොලරය අවප්‍රමාණය වී තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වුණා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල හා ගල් අඟුරු මිල පහළට. විදුලිය නිපදවීමට අපි…
යල කන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් විසිදහස බැගින් හෙක්ටයාර දෙකකට මූල්‍ය සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ එසේම අඩු ආදායම්ලාභී සඳහා එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් ලබාදීමටත් රජය තීරණය කළ බවය.
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබේ. 76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු හිටිපු ජනාධිපතිවරයා ලෙස සැලකේ.
ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදේ කාලයේදීද වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා…
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව සඳහන්ය. එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි වුණි. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට නවසීලන්ත කණ්ඩායම තීරණය කළේය. මෙම පන්දුවාර 20යි විස්ස තරගාවලිය තරග 3කින් සමන්විත වන අතර ඉන් පළමු තරගය ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටී.
එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත. එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ. මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ. ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත. මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. එසේම විශේෂ…
කොත්තු රොටි, බත් පාර්සල් සහ ෆ්‍රයිඩ් රයිස් මිළ හෙට (5) සිට අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. එම මිළ ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා තවත් රුපියල් බිලියන 03 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජය මගින් වි මිලදී ගැනීමේ වැඩපිළිවෙල සඳහා මීට පෙර රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබූ අතර ඊයේ දිනය වනවිට එම සම්පූර්ණ මුදලෙන්ම වී මිලදී ගෙන අවසන් වූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. ඒ අනුව ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අතිරේක රුපියල් බිලියන 03 ක මුදලක් වී මිලදී ගැනීම සඳහා ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා. මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය…