Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක්
    Featured

    කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක්

    By LFNApril 19, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන කාන්තාවන් මත්කර ඔවුන් සතු මුදල් සහ රන් ආභරණ සොරා ගන්නා සිද්ධියක් වාර්තාවී තිබේ.

    මරදාන පොලීසිය සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.

    එම සැකකරු සහ සැකකාරිය එක්වී එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබේ.

    පොලීසිය සඳහන් කළේ එම රන් භාණ්ඩ අදාළ ව්‍යාපාරිකයින් විසින් උණුකර තිබියදී සොයාගත් බවය.

    සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගීවීමට පැමිණි වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් ඉලක්ක කර මෙම ක්‍රියාව සිදුකර තිබේ.

    ඔවුන්ව උපක්‍රමශිලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඔවුන්ට ආහාර පාන සමග මිශ්‍ර කරන ලද මත්ද්‍රව්‍ය ලබාදී මත්වීමෙන් පසු සැකකරුවන් විසින් මෙලෙස රන් ආභරණ සහ මුදල් කොල්ලකා ඇත.

    පැමිණිලි 03ක ඔස්සේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකාර යුවළ අඹු – සැමියන් නොවන අතර ඔවුන් දෙදෙනා බොරැල්ල ප්‍රදේශයේ බෝඩිමක රැඳීසිටිමින් මෙම ජාවාරම සිදුකර ඇත.

    සැකකරු සහ සැකකාරිය අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 සහ 42 යන වයස්වල පසුවන්නන් ය.

    මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.