Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රතිත්‍රස්ත පනත ගැන මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය
    Featured

    ප්‍රතිත්‍රස්ත පනත ගැන මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය

    By LFNApril 7, 2023No Comments2 Mins Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය මගින් ඉදිරිපත් කිරීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හරහා ත්‍රස්තවාදයට පුළුල් අර්ථ කථනයක් ලබාදීම තුළින් ජනතාවගේ මූලික අයිතීන්වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පෙන්වාදෙන්නේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නීත්‍යානුකූල විරෝධය දැක්වීමක් අතර වෙනස හඳුනාගැනීම දුෂ්කර වන බවය.

    මේ අතර පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කළේ,

    “අපි සමහරවිට බණක් කිව්වොත් එහෙම..ඒ බණේ ඇතැම් කොටස් අරගෙන ඒක බරපතළ ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දෙන්නක් හැටියට තීරණය කළොත්..? ඇතැම්විට අපි දේශපාලන ව්‍යුහය පවා විවේචනය කරනවා ධර්ම දේශනාවලදි.”

    මේ අතර ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්දැමීමට පියවර ගත් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය.

    ඒ නීතීඥවරුන් හා සමාජ ක්‍රියාකාරීන්ට මේ පනත අධ්‍යයනය කර අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සඳහා ප්‍රමාණවත් කාලයක් ඉල්ලා සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස බවද ඔහු පැවසීය.

    යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය පළ කරමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිතර වුණි.

    එහිදී පිරිස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට ඊට අදාළ ලිපියක් භාරදුනි.

    අනතුරුව පිරිස මෙරට ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටද නිහඩ විරෝධතාවයක නිතරවූ අතර පසුව එහි නිලධාරිනියකට ලිපිය භාරදී තිබුණි.

    සිවිල් සමාජ එකමුතුව මෙරට චීන සහ රුසියානු තානාපති කාර්යාලවලටත්, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට සහ මෙරට යුරෝපා සංගමයේ කාර්යාලයටත් ගොස් එහි නියෝජිතයින් වෙතද ලිපි භාරදුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.