Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙරට ආර්ථිකය විනාශ කිරීමෙන් පසු විදේශගතව සිටි ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරට පැමිණ තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය. ඒ අනුව ඔවුන් පාවඩ දමා පිළිගැනීම, ආර්ථික ඝාතකයන්ම ආර්ථික ඝාතනය ගැන පොත් ලිවීම වැනි විහිළු සහගත දේවල් සිදුවන තැනක් බවට රට පත්ව තිබෙන බව 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. 2002 සිට 2010 වෙනකන් රාජපක්ෂ කණ්ඩායම සිදු කළ සොරකම් සියල්ලම 2010 ජනාධිපතිවරණය දිනලා ඒ ටික ශේප් කර ගත්තා. 2010 සිට 2015 වෙනකන් සිදු කළ සොරකම් වලට 2015 සිට 2019 වෙනකන් නඩු දැම්මා. ඊට පස්සේ…
රටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාආරච්චි මහතා අද (21දා) සභා ගර්භයේ අසුන් ගනිමින් විරෝධතාවයක නිරත විය. පාර්ලිමේන්තුවේ පැවති 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී අදහස් පළ කිරීමෙන් අනතුරැව තමා පාර්ලිමේන්තුව අවසන් වනතෙක් උපවාසවක නිරත වන බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා මෙලෙස සභා ගර්භයේ මැද අසුන් ගැනීම සිදු කළේය. කෙසේ වෙතත් කෙටි වේලාවකට පසු දිලීප් වෙදආරච්චි මහතා සභා ගර්භයෙන් පිටව ගියේය. උතුරැ නැගෙනහිර මාළු ටික මංකොල්ල කනවා. ඩග්ලස් දේවානන්දා ඇමතිතුමාටත් පරිස්සම් කර ගන්න බෑ. කොහොමද දකුණේ මුහුද පරිස්සම් කරන්නේ? ඒ නිසා හරියාකාරව වැඩ කරන්න මේ ඇමතිවරැන්ට…
ආර්ථික අර්බුදයකදී ජනප්‍රිය නොවන අමාරු තීරණ ගැනීමට සිදුවන බවත් ආර්ථික අර්බුදයකින් ගොඩ ඒ්ම පහසු නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා පැවැසීය. මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. “අපි ඉන්නේ ඉතාම අමාරු කාලයක. ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම පහසු නෑ. යම්කිසි අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒ්වා ජනප්‍රිය තීරණ නෙමෙයි. ජනප්‍රිය නොවන අමාරු තීරණ ගත්තාම ඒකෙන් යම්කිසි කොටසකට අමාරුවක් පීඩාවක් සිදුවෙනවා. ඒ් පීඩනය තුළින් යම් කිසි ආකාරයක දෝෂාරෝපණයක් තීරණ ගත්ත අයට ඒන්න පුළුවන්. මොනතරම් දෝෂාරෝපන ආවත් තමන් ගන්න තීරණ හරිනම්, ඒ්කනම් කළ යුතු දේ සුදුස්සන් හා දක්ෂයින් ඒවන නොනැමී හරිදේ…
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සිය කුඩා දියණිය සමග ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ ඔහුගේ දියණිය පිළිබඳ දීර්ඝ කාලීන කටකතා සනාථ කරමිනි. කිම් චු-ඒ ලෙස හැඳින්වෙන මෙම දැරිය සිය පියාගේ ප්‍රධානත්වයෙන් උතුරු කොරියාව ප්‍රධාන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීමේ පරීක්ෂණයකට සහභාගි වී සිටියාය. පරීක්ෂණය අතරතුර මෙම යුගලය අත්වැල් බැඳගෙන සිටි අතර, මෙම සිදුවීම එක්සත් ජනපදය විසින් හෙළා දැක තිබේ. කිම් ලෝකයේ වඩාත්ම රහසිගත රාජ්‍යයකට නායකත්වය දෙන අතර, ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දන්නේද ඉතා අල්පයකි.
අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ පවතින තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනුනේ පොහොට්ටුවේ සහයෝගයෙන් බවත් මේ නිසා දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු සිදුකෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. කටුනායක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය ”අපි පක්ෂයක් හැටියට මේ…
චීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ලබන වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම්වලින් සියයට 70ක් චිනය ප්‍රධානයක් වශයෙන් ලංකාවට ලබාදිමට නියමිතය. මේ සඳහා අවශ්‍ය පිරිවිතරයන් මේ වන විටත් චීනයට යොමුකර ඇති බවත් ඒ අනුව සකස් කළ නිල ඇඳුම්වලින් පළමු කොටස ලබන මස ලංකාවට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.
මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයට කිසියම් පිරිසක් බළාත්කාරයෙන් මෙන් ම අනවසරයෙන් ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් යැයි කියාගන්නා පිරිසක් මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වීම නිසා වහාම පොලිස්පතිතුමාට පැමිණිළි කර ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන් බවද අමාත්‍යාංශය කියයි. මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යනු අපේ රටේ වැඩිම අස්වනු ලබා දුන් ක්ෂේත්‍ර බෝග රැසක් හඳුන්වා දුන් පර්යේෂණ ආයතනයකි. විශේෂයෙන් මෑතක දී අපේ රටට හඳුන්වාදුන් මෙතෙක් අප රටේ වැඩිම අස්වැන්නක් ලබා දෙන වැඩි දියුනු…
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (20) සහ අනිද්දා (21) දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ මිදුම්…
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000 යටතේ තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මෙම සහල් තොගය කිලෝ 10 බැගින් වූ පැකට් 100000ක් ලෙස සකස් කර තිබේ. මෙම සහල් තොගය කොළඹ වරායට රැගෙන විත් තිබේ. පාසල් ළමුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් මෙම සහල් බෙදා හැරිම සිදුවෙයි. මේ දක්වා චිනයෙන් ලංකාවට ගෙනවිත් ඇති සහල් තොගය මෙට්‍රික් ටොන් 7000කි.
දුර්ලභව දැක ගැනීමට හැකිවන උනහපුලුවෙක් කැකිරාව කිතුල්හිටියාව නිවසක දැලක පැටලී සිටියදී තරුණයකු විසින් බේරාගෙන මාධ්‍යවේදීන් හරහා සීගිරිය වනජීවී නිලධාරීන්ට බාර දීමේ සිද්ධියක් වාර්තා විය. මෙම උනහපුලුවානිවසක එල්ලා තිබූ මාලළු දැලක පැටලී ඇත. පසුව එම නිවැසියන්ගේ දැනුම්දීම පරිදි තරුණයකු මෙම සතාගේ දිවි බේරාගෙන අත් වල සියුම් තුවාල පැවතීම නිසා වනයට මුදා හැරීම් සිදු නොකොට සතාගේ ජීවිතය ආරක්ෂා කිරීමේ අදහස ඇතිව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට ගෙනැවිත් භාරදීම්ට කටයුතු කළේය. ඒ අනුව මෙම උණහපුලුවා ඉතා ආරක්ෂිතව සීගිරිය වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන්ට භාර කිරීමට කටයුතු කළ අතර ආරක්ෂිත කුටියක රඳවා උනහපුලුවා මින්නේරිය ගිරිතලේ සත්ත්ව සායන මධ්‍යස්ථානයට රැගෙන යෑමට පිය පියවර ගන්නා බව වනජීවී නිලධාරීහු පවසති.