Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මහඉලුප්පලමට බලෙන් ඇතුළු වූ පිරිස අල්ලන්න කියයි
    Local News

    මහඉලුප්පලමට බලෙන් ඇතුළු වූ පිරිස අල්ලන්න කියයි

    By LFNNovember 21, 2022Updated:November 21, 2022No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයට කිසියම් පිරිසක් බළාත්කාරයෙන් මෙන් ම අනවසරයෙන් ඇතුල් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

    ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානයක පිරිසක් යැයි කියාගන්නා පිරිසක් මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වීම නිසා වහාම පොලිස්පතිතුමාට පැමිණිළි කර ඔවුන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන් බවද අමාත්‍යාංශය කියයි.

    මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යනු අපේ රටේ වැඩිම අස්වනු ලබා දුන් ක්ෂේත්‍ර බෝග රැසක් හඳුන්වා දුන් පර්යේෂණ ආයතනයකි.

    විශේෂයෙන් මෑතක දී අපේ රටට හඳුන්වාදුන් මෙතෙක් අප රටේ වැඩිම අස්වැන්නක් ලබා දෙන වැඩි දියුනු කළ MICH- 1 හා MICH -2 යන මිරිස් ප්‍රබේද දෙක හඳුන්වා දෙන ලද්දේ මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සංවර්ධන ආයතනයයි.

    මෙම ආයතනය ශාක නිරෝධායන නීති රීති අකුරටම ඉටු කරන ආයතනයකි. එමෙන්ම එම ගොවිපොළ වගාවන් මගින් නිෂ්පාදන සිදු කරන තැනක් නොව පර්යේෂණ හා සංවර්ධන (Research and Development) සිදු කරන ගොවිපොළකි. එම ස්ථානයට ගොස් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින් අපහසුතාවට පත් කරන ආකාරයට අදාල පුද්ගලයින් කටයුතු කර තිබේ.

    ඒ අනුව හෙට දින මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට ලිපියක් මගින් පැමිණිළි කිරීමට නියමිතය.

    එමෙන්ම මින්පසු කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බළාත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිදු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට කඩා වැදීමට ඉඩ නොදීමට අදාල ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය නීත්‍යානුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණි. නමුත් මෙම ගොවි එකමුතුවක් යැයි කියා ගන්නා සංවිධානය කිසිසේත්ම ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවි සංවිධානයක් නොවන බව කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල් අබේරත්න මහතා සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.