Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරටට පැමිණ තිබෙනවා
    Featured

    ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරටට පැමිණ තිබෙනවා

    By LFNNovember 21, 2022Updated:November 21, 2022No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ආර්ථිකය විනාශ කිරීමෙන් පසු විදේශගතව සිටි ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරට පැමිණ තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය.

    ඒ අනුව ඔවුන් පාවඩ දමා පිළිගැනීම, ආර්ථික ඝාතකයන්ම ආර්ථික ඝාතනය ගැන පොත් ලිවීම වැනි විහිළු සහගත දේවල් සිදුවන තැනක් බවට රට පත්ව තිබෙන බව 2023 අයවැය දෙවනවර කියවීම පිළිබඳ අද (21දා) පාර්ලිමේන්තුවේ 06වැනි දිනට පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

    2002 සිට 2010 වෙනකන් රාජපක්ෂ කණ්ඩායම සිදු කළ සොරකම් සියල්ලම 2010 ජනාධිපතිවරණය දිනලා ඒ ටික ශේප් කර ගත්තා. 2010 සිට 2015 වෙනකන් සිදු කළ සොරකම් වලට 2015 සිට 2019 වෙනකන් නඩු දැම්මා. ඊට පස්සේ තමන්ගේ පවුලේ අයටයි හිතවතුන්ටයි මහා විනාශයක් වෙන්න යන්නේ කියලා දැනගෙන ප්‍රෝඩාව කරලා රට ගිණිතියවලා, පාස්කු ප්‍රහාරය කරවලා 2020 නැවත බලයට ආවා. 2020 සිට 2022 වෙනකන් මේ ආර්ථික අර්බුදය වැඩි වෙනවා කියලා දැනගෙනත් තමන්ට බලය තියාගෙන තමන්ගේ සහ හිතවතුන්ගේ නඩු ටික ඉවර කරගෙන රට දාලා පැනලා ගියා.

    රට දාලා ගිය ආර්ථික ඝාතකයෝ සියල්ල දැන් නැවත රටට ඇවිල්ලා  ඉන්නවා. මම දැක්කා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ උපන්දිනය සමරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් ගිහින් තිබෙනවා හම්බන්තොට. ඊට පස්සේ අපි දැක්කා අනිත් ආර්ථික ඝාතකයා බැසිල් රාජපක්ෂ පසුගිය දවසක ඇවිල්ලා ඉන්නවා ගුවන්තොටුපලේ. ලැජ්ජනැතිව රාජ්‍ය ඇමතිවරැ, මන්ත්‍රීවරැ ගිහින් ඉන්නවා පිළිගන්න. ආර්ථික ඝාතකයාට පොලිස් ආරක්ෂාවත් දෙනවා. පැනලා යද්දි යන්න නොදුන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ම ආර්ථික ඝාතකයා ලංකාවට එද්දි පාවඩ දාලා පිළිගන්නවා. අනිත් ආර්ථික ඝාතකයා කබ්රාල් පොතක්  ලියලා. ආර්ථික ඝාතකයාම ආර්ථික ඝාතනය පිළිබඳ පොතක් ලියලා. මේ වගේ විහිළුවක් බවට රට පත්වෙලා තිබෙන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.