Author: LFN

රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා වැල්ලවත්ත පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ (21) නියෝග කළේය. සැකකාරියන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා සිල්වා මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේදී කාන්තාවකගේ ගමන් මල්ලක් තුළ තිබී රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගැනුණේ පසුගිය (20) දහවල් කාලයේදීය. වයෝවෘද්ධ කාන්තාවක් T56 ගිනි අවියක් රැගෙන අදාළ නිවාස සංකීරණයට දෙසට යන බව පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට අමතා නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් දැනුම්දී තිබුණි. ඊට අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන්…

Read More

දුරගමන් සේවා බස්රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. දුරගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළෙඹි අතර කිලෝමීටර් 100ට වැඩි ගමන්වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතු වේ. ඒ අනුව එළඹෙන අගෝස්තු 01වනදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබාගැනීම අනිවාර්ය බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ. මේ අතර මගී බස් රථ සඳහා අගොස්තු 01වනදා සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීම ද අනිවාර්ය කරන බව…

Read More

පැරකුම්පුර සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රියයක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ පෙ.ව 09.45ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රියයි. ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැකි බව දැනුම් දී ඇත. එමෙන්ම ප.ව.06.30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය පැවති මාර්ග අවහිරතාවය හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වී ධාවනය වන බවද දැනුම් දී ඇත. එම දුම්රිය තවමත් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැති බව වාර්තා වේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මේ වසරේ දෙවැනි විදුලි ගාස්තුව පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදුකෙරෙන බව එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය. කෙසේවෙතත් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනු ලැබුවේ, යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවය. 2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා…

Read More

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය. ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව හෙට (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය. තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

Read More

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළේය. මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සැකකරුවෙකු ලෙස රමිත් රඹුක්වැල්ල අධිකරණය මගින් ඊයේ (20) නම් කළේය. ඒ අනුව රමිත රඹුක්වැල්ල අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී, ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද (21) පෙරවරුවේ රමිත් රඹුක්වැල්ල අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. එහිදී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව රමිත් රඹුක්වැල්ල මහතා ව අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ

Read More

තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියම කළේය. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින්, මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුනි. මෙම පෙත්සම්කරු 2023 වසරේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත් ඉන්පසුව රඳවා තබා විමර්ශන සිදුකළ…

Read More

සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව නැවත මෙරටට පැමිණි කාන්තාවක් ඉන් අනතුරුව අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 38ක කාන්තාවකි. නිවසේ ඇති අඩුපාඩු සපුරාගැනීම ඇතුළු සිහින රැසක් පොදි බැඳගනිමින් 38 හැවිරිදි තිදරු මවක් වන සාරංගා උදේශිකා පෙරේරා සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් තිබුණේ මීට වසර 2කට පෙරය. එහි ගෙවූ සෑම දිනකම ලද සෑම විවේදකයකදීම සැමියා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් ඇමතීමට සාරංගා අමතක කළේ නැහැ. පසුගිය මාසයේ දිනක ඇය සැමියාට පවසා තිබුණේ අප්‍රේල් මස 19 වැනිදාට පෙර තමන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවය. කෙසේවෙතත් ඇය පැවසූ පරිදි නොපැමිණීම හේතුවෙන් සැමියා පොලීසියට කළ පැමිණිලි…

Read More