Author: LFN

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකාර වෙඩික්කරු ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළාය. එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නමැත්තා මේ මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි. රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධි විධාන මැද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළට ඉදිරිපත් කළාය. සැකකාර වෙඩික්කරු බව කියන පුද්ගලයා ආවරණය කර…

Read More

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගන්නා ලද T-56 ගිනිඅවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් වැල්ලවත්ත පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (20) දහවල් කාලයේදී මෙම සැකකාරින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකාරියන් අවුරුදු 40 හා 68 යන වයස්වල පසුවන බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශවල පදිංචිකාරියන්ය අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළාය. එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නාය. ඒ අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහසේත්‍රාත්වරිය කළ නියෝගයට අනුව සැකකාර රමිත් රඹුක්වැල්ල මහතා අද දින අල්ලස් කොමිසමට පැමිණ…

Read More

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් ලබා දී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර ඊට අදාළ සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිමිකාරීත්වය රජය සතුව පවත්වා ගැනීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සකස් කරන ලද ව්‍යාපාර සැලැස්මෙහි ඉලක්ක ළඟාකර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස…

Read More

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී සිදුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛණයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇත. මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මුලික අරමුණ වන්නේ ආයතනයන් තුල දුෂණය අවම කිරීම සහ සුපිලිපන් බව ඉහල නැන්වීම වන අතර, මෙමගින් දුෂණ අවදානම් හදුනාගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්‍ෂක…

Read More

ඊයේ (20) පෙරවරු 11ත් 12ත් අතර කාලයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන්වැනි මහලේ පිහිටි හත්වැනි වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරය වෙත පැමිණි පුද්ගලයෙකු සේවිකාවන්ගේ මුදල් පසුම්බි සොරාගෙන තිබේ. අනතුරුව අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලායෑමේදී සුළු සේවකයෙකු ඔහුව අල්ලාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිය බෑගයේ තිබූ පිහියකින් සුළු සේවකයාගේ හිසට පහරදී රෝහලේ පිටුපස තාප්පයෙන් පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය. තුවාල ලැබූ රෝහල් සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. බොරැල්ල පොලීසිය පැවසුවේ, සැකකාර පුද්ගලයා රෝගීන් බලන මුවාවෙන් රෝහලට ඇතුළු වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවය. සැකකරු සොයා විශේෂ විමර්ශනයක්…

Read More

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය. මෙම අවස්ථාවට දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, දිලිත් ජයවීර, රිෂාඩ් බදියුදීන් සහ රවී කරුණානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියේය. එම සාකච්ඡාව සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Read More

ඊයේ (20) සවස බදුල්ල නගර මධ්‍යයේ සහෝදරයින් දෙදෙනෙකු අතර ගැටුමකින් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට කැත්තකින් දරුණු ලෙස පහරදී තිබුණි. මෙම සිද්ධිය ගැන ෆේස්බුක් සටහනක් තබමින් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට පෙර බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට පිහි ඇනුමක් සිදුකර තිබූ බවත්ය. එහිදී තුවාලකරුගේ ජීවිතය බේරුණේ ශල්‍යවෛද්‍යවරයාගේ දක්ෂතාවයෙන් බවත් තුවාලකරු මසක් පමණ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. මෙම සහෝදරයින් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස එකිනෙකාට පහරදී තුවාල සිදුකරනගෙන රෝහල්ගත වෙන බවත් පැවසෙයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ. පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින බව පැවසෙයි. මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණවී සිටින බවද වාර්තා වෙයි.

Read More

2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි සැකකරුවකු නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය.

Read More