Author: LFN

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත. කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ. මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකර ඇත. කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Read More

ලුණු ප්‍රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. “ලුණු ගැන දැන් කතා කළා ඇති” යැයි ඔහු සඳහන් කළේය. හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

Read More

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වලට පත්වීමට සුදුසුකම් ලබන්නේ පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ. එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි. දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග…

Read More

තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්නවන ලද දුම්වැටි 168,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය ඉදිරිපත් කර ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (21) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් දෙදෙනා අවුරුදු 22, 67 වයස්වල පසුවන මන්නාරම හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන්දියන් ජාතික සැකකරු වයස අවුරුදු 53ක් වූ චෙන්නායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබේ. 1815 දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැණුනු අතර, එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරිණි. එතැන් සිට රට පාලනය කෙරුණේ, බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මඟිනි. 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට බ්‍රිතානයෙන් නිදහස ලැබුණු ද එය ඩොමිනියන් තත්ත්වයේ නිදහස් විය. කෙසේවෙතත් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ…

Read More

මැසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියක ලිංගික හිංසනයට ලක් වන සේ කෙටි පණිවුඩ යැවු නීතීඥවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හලාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. 2022 වසරේ දී අදාළ නීතීඥවරයා විසින් තමා ලිංගික හිංසනයට ලක් වන සේ මැසෙන්ජර් ඔස්සේ කෙටි පණිවුඩ යොමුකළ බවට අදාළ මහාධිකරණ විනිසුරුවරිය විසින් පැමිණිලි කර තිබුණි. ඒ අනුව පොලීසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ. එහිදි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සැකකරු සිදුකර ඇති ක්‍රියාව ලිංගික අතවර කිරීමේ චෝදනා යටතට ගැනෙන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය. පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

Read More