Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රන් ආලේපිත ගිනි අවිය ගැන තවත් තොරතුරු
    Featured

    රන් ආලේපිත ගිනි අවිය ගැන තවත් තොරතුරු

    By LFNMay 22, 2025No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ලබන 23 වනදා දක්වා වැල්ලවත්ත පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ (21) නියෝග කළේය.

    සැකකාරියන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා සිල්වා මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

    වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේදී කාන්තාවකගේ ගමන් මල්ලක් තුළ තිබී රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගැනුණේ පසුගිය (20) දහවල් කාලයේදීය.

    වයෝවෘද්ධ කාන්තාවක් T56 ගිනි අවියක් රැගෙන අදාළ නිවාස සංකීරණයට දෙසට යන බව පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට අමතා නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් දැනුම්දී තිබුණි.

    ඊට අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී රන් ආලේපිත T56 ගිනි අවියක් සොයාගෙන තිබුණි.

    අදාළ ආරක්ෂක නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කර තිබුණේ අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් ගිනි අවිය ගැන විමසීමේදී සුපිරි මෝටර් රථයේ පිටුපස එය තිබූ බවත් එය සෙල්ලම් ගිනි අවියක් යැයි සිතා රැගෙන ආ බවට ඔවුන් පැවසූ බවය.

    පසුව පොලීසිය පැමිණ එම ගිනි අවිය රැගෙන ආ කාන්තාවන් දෙදෙනා වන වයස අවු 69ක් වන තැනැත්තිය සහ ඇයගේ ලේලිය වන කසක්ස්ථාන ජාතික කාන්තාවගෙන් ප්‍රශ්න කර තිබේ.

    ගිනි අවිය පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ඊයේ පස්වරුවේ සිද්ධියේ සැකකාර වයෝවෘද්ධ කාන්තාව වැල්ලවත්ත පොලීසිය වෙත රැගෙන ගොස් විමර්ශන සිදුකර තිබුණි.

    ඒ අනුව සැකකාරිය මෝටර් රථයෙන් ගමන්කළ ස්ථාන අවට CCTV දර්ශන ඔස්සේ විමර්ශන දියත් කර තිබේ.

    එහිදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඔවුන්ගේ නිවසේ සිට මෙම කාන්තාවන් දෙදෙනා එම බෑගය සහ T56 ගිනි අවිය හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් පිටතට රැගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන ඇති බවට අනාවරණය වී තිබේ.

    පසුව ලේලියගේ පැලවත්තේ පිහිටි නිවස පරීක්ෂා කර ඇති පොලීසිය ලේලිය සහ ගිනි අවිය රැගෙන ආ මෝටර් රථයද සමගින් ඊයේ රාත්‍රී 8:30ට පමණ වැල්ලවත්ත පොලීසිය වෙත රැගෙනවිත් තිබේ.

    එහිදී සැකකාර කාන්තාවන් දෙදෙනා පොලීසියට පවසා ඇත්තේ මෝටර් රථයේ දොර අගුල් දමා නොතිබූ අවස්ථාවකදී රථය තුළට මෙම ගිනි අවිය කවුරුන් හෝ දමා ඇති බවය.

    කෙසේවෙතත් T56 වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සහ ඊට අධාර අනුබල දීමේ චෝදනාව යටතේ පරේදා රාත්‍රියේදී සැකකාරියන් දෙදෙනාව අදාළ මෝටර් රථයද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.