Author: LFN
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජය සමග කටයුතු කර ඇති බවය. ඒ අනුව ඉරානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ටෙලිග්‍රෑම් නාලිකාව හරහා හෝ පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ ටෙහෙරාන් හී පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය හැකිය. ඒ අනුව +98 901 014 4557, +98 912 810 9115, +98 912 810 9109 යන දුරකතන අංක ඇමතීමෙන් ඉන්දීය තානාපති කාර්යාලය සමග සම්බන්ධ විය…
බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත. ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය. කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන් ය. යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.
ගලන්තයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බව ප්‍රකාශ කරමින් අලෙවි කිරීමට ආයතන දෙකකින් සූදානම් කර තිබූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් රාජසන්තක කොට විනාශ කිරීමට ද අධිකරණය මගින් නියම කර ඇත. පසුගිය ජුනි මස 06 වනදා රාජගිරිය ප්‍රදේශයේ ආයතන දෙකක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කළ වැටලිමකදී මෙම සුවඳ විලවුන් සහ ආලේපන තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන ඇත. වැටලීමේ දී නිලධාරීන් භාරයට ගත් තොගය සහ ඒ සම්බන්ධව තවදුරටත් සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව අදාළ ආයතනයන්ට එරෙහිව ඊයේ (24) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදි. ඒ අනුව, එංගලන්තයේ නිෂ්පාදනයක් බව පවසමින් ක්‍රීම් හා කන්ඩිෂනර් දේශියව ලේබල්…
වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත. ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි. ඒ අනුව අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන මහත්වරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව, ඔහුගේ සාක්ෂි ලැයිස්තුවේ සිටින පිරිසගේ සාක්ෂි ලබාගැනීම අවසන් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මේ බව පැවසීය. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට මෙම කමිටුව පත් කෙරුණි. මෙහිදී වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා පෙර පැවසුවද, අද දින තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හෙතෙම දැනුම්දී ඇත්තේ අනෙකුත් සාක්ෂිකරුවන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ…
ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත. සූරාකෑම සඳහා වන ළමා වෙළෙඳාම බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධයක් වශයෙන් සලකනු ලබයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමු යටතේ වන බැදීම් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සිය ජාතික ප්‍රතිචාරය නෛතික ආයතන සහ කාර්ය පටිපාටිමය…
නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණි. එම නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත්වූ එම නගර සභාවේ හිටපු සභාපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත්විය. උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තේරී පත්වූ කේ. සුරේස්වරන් මහතා ඡන්ද 09ක් ගත්තේය. ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනම පැවැති විවෘත ඡන්දයෙන් ඡන්ද 05 බැගින් ලබාගෙන තිබුණි.…
මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය. අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ. වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් කටයුතු කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් වන බැවින් නවකවදය පමණක් නොව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම එම කාර්ය සාධක…