Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග
    Featured

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    By LFNJune 25, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගලන්තයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බව ප්‍රකාශ කරමින් අලෙවි කිරීමට ආයතන දෙකකින් සූදානම් කර තිබූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් රාජසන්තක කොට විනාශ කිරීමට ද අධිකරණය මගින් නියම කර ඇත.

    පසුගිය ජුනි මස 06 වනදා රාජගිරිය ප්‍රදේශයේ ආයතන දෙකක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදු කළ වැටලිමකදී මෙම සුවඳ විලවුන් සහ ආලේපන තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන ඇත.

    වැටලීමේ දී නිලධාරීන් භාරයට ගත් තොගය සහ ඒ සම්බන්ධව තවදුරටත් සිදුකරනු ලැබූ විමර්ශන වලින් අනතුරුව අදාළ ආයතනයන්ට එරෙහිව ඊයේ (24) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදි.
    ‍
    ඒ අනුව, එංගලන්තයේ නිෂ්පාදනයක් බව පවසමින් ක්‍රීම් හා කන්ඩිෂනර් දේශියව ලේබල් කර විකිණිම සඳහා ඉදිරිපත් කිරීම, කල් ඉකුත් වූ ශරීරාලේපන ඇසුරුම් විකිණිම සඳහා ඉදිරිපත් කිරීම, ආනයනකරුගේ වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ තොරතුරු නොමැතිව ශරීරාලේපන විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, සටහන් කරන ලද තොරතුරු ඉවත් කර නව නිෂ්පාදන දිනයක්, කල් ඉකුත් වීමේ දිනයක් සටහන් කර ශරීරාලේපන ඇසුරුම් විකිණිම සඳහා ඉදිරිපත් කිරීම සහ සැපයුම්කරුගේ කුවිතාන්සියක් හෝ බිල්පත් නොමැතිව භාණ්ඩ විකිණිම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනා 5ක් සම්බන්ධයෙන් රාජගිරිය ඩොනල්ඩ් අබේසේකර මාවතෙහි ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන සෙරෙන් සෙන්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක දඩයක් නියම කරනු ලැබීය.

    එසේම ආනයනකරුගේ තොරතුරු සඳහන් නොකර ශරීරාලේපන, විටමින්, හිස ආලේපන විකිණීමට ප්‍රදර්ශනය කිරීම සහ සැපයුම්කරුගේ කුවිතාන්සියක් හෝ බිල්පත් නොමැතිව භාණ්ඩ විකිණිම සඳහා ප්‍රදර්ශනය කිරීම යන චෝදනා 4ක් සම්බන්ධයෙන් රාජගිරිය අඹ ගහ හංදිය ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යන එස් ඇන්ඩ් ඩී ඩෙස්ටිනි පුද්ගලික සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක් අධිකරණය මගින් නියම කර
    ඇත.

    එසේම ඉහත වෙළෙඳ ආයතන දෙකෙන් නිලධාරීන් භාරයට ගත් රුපියල් මිලියන 10 කට ආසන්න වෙළෙඳපල වටිනාකමක් සහිත අදාළ භාණ්ඩ තොගය, රාජසන්තක කොට විනාශ කිරීමට ද අධිකරණය මගින් නියම කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.