Author: LFN
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබදව මෙහිදි අවධානය යොමුවූ බවය. කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සායන්හි වැදගත්කම මෙම සාකච්ඡාවේ දී ඉරාන තානාපතිවරයාට අවධාරණය කළ බව අමාත්‍යවරයා පවසයි. තවදුරටත් ගැටුම් උත්සන්න වීම කලාපයට සහ ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වු බව විජිත හේරත් අමාත්‍යවරයා සිය සටහන මඟින් දැනුම් දී ඇත. මේ අතර ඊශ්‍රායලය සහ…
අද (26) අලුයම 1.30ට පමණ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබුණි. අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.
බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි මස 2 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක්, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වේ. ඒ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරුකර තිබේ. වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකර ඇත. සහකාර බන්ධනාගාර අධිකාරී එල්.පී. වර්ණකුලසූරිය වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී වී. අබේධීර කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ…
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පාර්ශ්වයකට බහුතර බලය හිමිනොවූ නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය ඊයේ (25) ස්වාධීන කණ්ඩායමකට හිමිවිය. එසේම, සභාපතිවරයා තෝරාගැනීම සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී මාතර – මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීම විශේෂත්වයකි. ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලය හිමිනොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ කටයුතු අදත් පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. ඒ අනුව නාවලපිටිය නගර සභාව අද රැස්වුණේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එහිදී පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබාගනිමින් සභාපති…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය…
අනුරාධපුර, තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ (25) රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පොළොන්නරුව බස් නැවතුම්පලේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් සහ පෞද්ගලික බස් රථ සේවකයින් අතර ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයෙක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අතරමගදී පෞද්ගලික පන්ති සඳහා සහභාගි වන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් නංවා ගැනීම හේතුවෙන් පෞද්ගලික බස්රථවලට මගීන් අඩුවීම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇත. මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන්…
වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ. මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර…
මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළේ, ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති බවය. ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළදීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කළාය. “2024 ජාතික පෝෂණ මාසයට සමගාමීව එකතු කරපු දත්තවලට අනුව 1,4,7,10 වසරවල පාසල් දරුවන්ගේ 7%ක් ළමයින් වැඩි බරක් තියෙනවා. ඒ වගේම ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය තුළින් 2024 වසරේ අවුරුදු 13 – 17ත් අතර දරුවන්ගේ…