Author: LFN
රුපියල් මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබේ. අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ කැනඩාවෙන් ආනයනය කරන ලද ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවය. ඒ අනුව කැනඩාවේ සිට අධිවේගී කුරියර් සේවාවක් හරහා මෙරටට පැමිණ ඇති අතර එහි හිමිකාරිත්වයක්ද සටහන් වී නොමැති බවද ශ්‍රී ලංකා රේගුව පැවසීය. පසුගිය ජනවාරි 09 වැනි දින මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද සැකයක් හේතුවෙන් මෙම ස්පීකරය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිය භාරයට ගෙන ඇති අතර නමුත් එය දීර්ඝ කාලයක් හිමිකාරිත්වයක් නොමැතිව පැවතීම නිසා පසුගිය පසුගිය…
මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ නැවත ඇතුළත් වීමේ වීසා (Re – entry) සහිතව මෙරටට පැමිණ සිටින අයවලුන්ගේ වීසා හී වලංගු කාලය එළැඹෙන මස 31 වැනි දින දක්වා දීර්ඝ කිරීඹට එරට ජනගහන හා සංක්‍රමණික අධිකාරීය තීරණය කර ඇති බවය. ඒ අනුව ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් Re – entry වීසා මත මෙරටට පැමිණි අයවුල්නට Re – entry වීසා කාලය අවසන් වුවද එළැඹෙන මස 31 වැනි දින දක්වා නැවත…
සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පිළියන්දල පොලිස් වසමේ පැලැන්නවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක් ඊයේ (27) එලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇති බවය. පිළියන්දල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලට අනුව මළසිරුර සොයාගෙන තිබේ. මියගොස් ඇති කාන්තාව රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බව අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. භූ කම්පනය එරට වේලාවෙන් අද (28) උදෑසන 7.07ට හටගෙන ඇත. ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් කිලෝමීටර් 101ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබේ. පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය භූ කම්පාව වාර්තා කර ඇති අතර කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද තහවුරු කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම යාපනය, මන්නාරම, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන් පිරිසක් නම්කර තිබේ. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 350කට ආසන්න සංඛ්‍යාවක් නම් කර ඇත. ඒ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත් ය. ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක්ද ඊට ඇතුළත් ය. එමෙන්ම මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 4වන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක අද (26) සමත් විය. පන්දු 167කින් ගොඩනැගුණු පැතුම්ගේ ශතක ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද දෙවන දිනය වන අතර, මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් රැස්කරගෙන සිටියි. පැතුම් සමගින් කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 58ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් පවත්වා ඇත. දෙරට අතර ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන්ද පැතුම් අගනා ලකුණු 187ක් රැස්කිරීමට සමත් විය. ද්විත්ව ශතකය ආසන්නයේදී අවසන් වූ එම ඉනිම…
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේ මහතාව පත්කර තිබේ. ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 37 වන මාණ්ඩලික ප්‍රධානී වන අතර නව පත්කිරීම අද (26) සිට ක්‍රියාත්මක වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීමට අද (26) උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළැඹෙන ජූලි මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තුන්වන සැකකරු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.