Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැනඩාවෙන් ආ ස්පීකරය තුළ මතුවූ මිලියන 50ක කුෂ් තොගය
    Featured

    කැනඩාවෙන් ආ ස්පීකරය තුළ මතුවූ මිලියන 50ක කුෂ් තොගය

    By LFNJune 28, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් මිලියන 50ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සොයාගෙන තිබේ.

    අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ කැනඩාවෙන් ආනයනය කරන ලද ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ බවය.

    ඒ අනුව කැනඩාවේ සිට අධිවේගී කුරියර් සේවාවක් හරහා මෙරටට පැමිණ ඇති අතර එහි හිමිකාරිත්වයක්ද සටහන් වී නොමැති බවද ශ්‍රී ලංකා රේගුව පැවසීය.

    පසුගිය ජනවාරි 09 වැනි දින මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද සැකයක් හේතුවෙන් මෙම ස්පීකරය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිය භාරයට ගෙන ඇති අතර නමුත් එය දීර්ඝ කාලයක් හිමිකාරිත්වයක් නොමැතිව පැවතීම නිසා පසුගිය පසුගිය 25 වැනි දින රේගු නිලධාරීන් විසින් පරික්ෂා කරන ලදි.

    ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම ස්පීකරය විවෘත කර පරීක්ෂා කර ඇති අතර එහිදී මෙය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 17ක්, කුෂ් ග්‍රෑම් 862ක් සමගින් පැකට් 9ක් සහ හෂීස් ග්‍රෑම් 4,014 (පැකට් 8ක්) සොයාගෙන ඇති අතර එහි වීදි වටිනාකම රුපියල් මිලියන 50ක් බවත් අනාවරණය කරගෙන තිබේ.

    සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණද ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.