Author: LFN

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ. දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම නව ඩයිනෝසර් විශේෂය Labrador Retriever වර්ගයේ සුනඛයෙකුගේ ශරීර ප්‍රමාණයට සමානතාවක් ඇති බව පවසයි. එමෙන්ම මෙම විශේෂය එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා ලෙස නම් කර තිබේ. පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ එනිග්මකර්සර් මොලිබෝර්ත්විකා යනු වසර මිලියන 150කට පමණ පෙර ස්ටෙගෝසෝරස් සහ ඩිප්ලොඩෝකස් සමග සැරිසැරූ සත්ත්වයෙකු බවය. මෙම නව ඩයිනෝසර් විශේෂයේ අස්ථි බොහොමයක් 2021-2022 කාලසීමාවේ අමෙරිකාවේ කොලරාඩෝ හි මොරිසන් සංයුතියෙන් සොයාගෙන තිබේ. එහෙත් එහි හිස් කබල සහ කශේරුකා තීරුවේ කොටස් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන්…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට අත්අඩංගුවට ගත් සැකකාරියක් හා සැකකරුවෙකු විසින් එම ජාවාරමෙන් උපයාගත් බවට සැළකෙන මුදලින් මිලදී ගත් දේපළ තොගයක් මුදල් විශූද්ධිකරණ පනත යටතේ ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. අදාළ සැකකරු හා සැකකාරිය ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් හා සැකකාරිය වයස අවුරුදු 45ක් වන බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. එම සැකකරුවන්ගේ තහනමට ලක් කර ඇති දේපොළ වන්නේ, කඳාන ප්‍රදේශයේ පිහිටි සිව් මහල් නිවසක් බොරැල්ල, කොළඹ 08 ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙස් දෙකක් බොරැල්ල, කොළඹ 08 පිහිටි තෙමහල් නිවසක් ජපන් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය වැගන් ආර් වර්ගයේ මෝටර්…

Read More

ඉකුත් අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ බහුදින ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,758ක් සිය භාරයට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැටලීම් 4ක් සිදුකර මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත. එමෙන්ම ගත වූ එම මාස 2 තුළදී පමණක් සැකකරුවන් 25 දෙනෙකුද ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගත් සැකකරුන් හා මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගැන ඊයේ (28) පස්වරුවේ නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේය. එමෙන්ම සිය භාරයට ගත් සමස්ත හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් අයිස් මත්ද්‍රව්‍යවල…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (28) මෙම අනතුරු සිදුව තිබුණේ නොරොචෝල, වැල්ලවාය, හෝමාගම සහ කනගරායන්කුලම් පොලිස් වසම්වලින්ය. නොරොචෝල පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ දළුව 06 කණුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ වම් පස නවතා සිටියදී බස් රථයේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයෙන් බැස බස් රථයේ පසුපස රැඳී සිටියදී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය කරන ලද ලොරි රථයක් එම පුද්ගලයින් දෙදෙනාගේ සහ බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 15 හා 74 යන වයස්…

Read More

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසන්නීය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව හෙට දිනයේ කැඳවා තිබේ. ඒ අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය හෙට…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබේ. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත. ඒ ඊයේ (28) පැවැති එම සංගමයේ වාර්ෂික නිලවරණයේදීය. එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබේ.

Read More

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත. ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ. ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ. බේරාගත් ධීවරයින් දෙදෙනා මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. පෙර දිනත් ධීවර යාත්‍රා 3ක් අනතුරකට පත්වෙයි මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය. ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර…

Read More

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජූනි මස 2 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින හා සාමාන්‍ය සේවාවන් යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම පෙ.ව 6.30 සිට ප.ව 2 දක්වා සිදුකරනු ලැබේ.

Read More

ඉරානයට නැවතත් පහරදීමට තමන් සලකා බලන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයට යුරේනියම් සැලකිය යුතු මට්ටමකට සුපෝෂණය කළ හැකි බවට බුද්ධි අංශ නිගමනය කළහොත් තමන් කිසිදු සැකයකින් තොර ඉරානයට නැවත පහර දෙන බවය. මින් පෙර සති අන්තයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට අමෙරිකාව සෘජුව සම්බන්ධ වෙමින් ට්‍රම්ප් ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. අලි කමේනිගේ ප්‍රකාශටත් ට්‍රම්ප්ගෙන් පිළිතුරු මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගිය අඟහරුවාදා සටන් විරාමයෙන් පසු පළමු දේශනය…

Read More