Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි. අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය. ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි. ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇති අතර ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු…
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බව මන්ත්‍රීවරිය මාධ්‍යට සදහාන් කර ඇක. පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. අදාළ පාර්ශ්ව දෙකෙහිම පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජූලි මස 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත. මෙම පෙත්සම ඊයේ එස්. තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු…
කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂය පවසයි. විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා ඒ බව පැවසීය. මැතිසබයෙන් පිටව යෑමෙන් පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී විපක්ෂ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ කථානායකවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස කටයුතු කරමින් සිටින බවය. ඉරාන ඊශ්‍රායල ගැටුමෙන් මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් අදහස් පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා අවස්ථාවක් ලබානොදෙන බව පවසා ඊට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(17) පාර්ලිමේන්තුවේදී සභා ගර්භයෙන් පිටව ගොස් තිබුණි.
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.
රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟිනි. පසුගිය ජූනි 9 වන දින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් ලක්ෂ 20ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක්…
ත්‍රිකුණාමලය – අඹේපුස්ස මාර්ගයේ ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට ආන්ද්‍රම්කුලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. ඊයේ (17) රාත්‍රී කාලයේ අනතුර සිදුව ඇති අතර, අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 56ක් වූ චම්පාලෙන්, ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධව වයස අවුරුදු 19ක් වන පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.