Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා
    Featured

    ලොක්කන් තව 18 කට දූෂණ චෝදනා

    By LFNJune 29, 2025No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට උදව් කළ සහ ආධාර අනුබල දුන් බව කියන අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් 18ක් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර ඇත.

    විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වූ රජයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු දැනට විදේශයන්ට පලා ගොස් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී මෙරටට ගෙන්වා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ට විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා කිරීමට ආධාර අනුබල දී ඇතැයි පැවසෙන මෙම රජයේ උසස් නිලධාරීන් එම ආක්‍රමිකතාවලින් තමන්ද යම් වාසි වරදාන ලබාගෙන ඇති බවත් කෝටි ගණනින් ඉඩම් වාහන ඇතුළු දේපළ මිලදීගෙන ඇති නිලධාරීන් කිහිපදෙනකු පිළිබඳවද තොරතුරු අනාවරණය වන බවත් විමර්ශන කණ්ඩායම් පවසති.

    මෙම නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද විමර්ශන කණ්ඩායම් මේ දිනවල කටයුතු කරමින් සිටිති. බාල බෙහෙත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.