Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීති විරෝධී ලෙස ගෙන්වූ කෝටි තුනක වාහන දෙකක් බණ්ඩාරගමින් හමුවෙයි
    Featured

    නීති විරෝධී ලෙස ගෙන්වූ කෝටි තුනක වාහන දෙකක් බණ්ඩාරගමින් හමුවෙයි

    By LFNJune 29, 2025No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීති විරෝධීව මෙරට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන දෙකක් බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.

    පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පැවසුවේ කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට මෙම වාහන අයත් බවය‍.

    මෙම වාහන දෙක අතරට මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් අයත් බව පොලීසිය පවසයි.

    බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග නිවසක සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත අදාළ වැන් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

    එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක් ඇති බවට ලද තොරතුරු ලැබී ඇතැයිද එය නිත්‍ය ලෙස ලියාපදිංචි කර ආරක්ෂක අංශයක සේවය කරන පුද්ගලයෙක් පරිහරණය කරන වාහනයක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.

    පොලිස් භාරයට ගත් ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක් බවත් මේ වන විට විමර්ශන හමුවේ අනාවරණය වී තිබේ.‍

    සිද්ධිය සම්බන්ධව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.