Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයකින් පස්දෙනෙක් මරුට

    By LFNJune 29, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (28) මෙම අනතුරු සිදුව තිබුණේ නොරොචෝල, වැල්ලවාය, හෝමාගම සහ කනගරායන්කුලම් පොලිස් වසම්වලින්ය.

    නොරොචෝල පොලිස් වසමේ පාලවිය කල්පිටිය මාර්ගයේ දළුව 06 කණුව ප්‍රදේශයේදී පුද්ගලික බස් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ වම් පස නවතා සිටියදී බස් රථයේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයෙන් බැස බස් රථයේ පසුපස රැඳී සිටියදී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය කරන ලද ලොරි රථයක් එම පුද්ගලයින් දෙදෙනාගේ සහ බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 15 හා 74 යන වයස් වල පසුවන ජාඇළ හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    මේ අතර කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ පුදුකුලම හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් එක් වරම මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී එම දිශාවටම ගමන් ගත් බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු හා එහි ගමන්කළ දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර වැල්ලවාය පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් වංගු සහිත බෑවුමක ධාවනය කිරීමේදී ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා වැල්ලවාය රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, දුන්ගොල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර හෝමාගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ පිටිපන හන්දියේදී බස් රථයක අතුරු මාර්ගයකින් පැමිණ හයිලෙවල් මාර්ගයට ඇතුළු කළ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.‍

    එලෙස මියගොස් ඇත්තේ, මාවත්ගම, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.