Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාවලපිටියේ බලය ස්වාධීන කණ්ඩායම් නතු කරගනී
    Featured

    නාවලපිටියේ බලය ස්වාධීන කණ්ඩායම් නතු කරගනී

    By LFNJune 25, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ. එම්. කේ. පී. කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන 9:00ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණි.

    එම නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරිපත්වූ එම නගර සභාවේ හිටපු සභාපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 09ක් ලබා ගනිමින් තේරී පත්විය.

    උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ තේරී පත්වූ කේ. සුරේස්වරන් මහතා ඡන්ද 09ක් ගත්තේය.

    ජාතික ජන බලවේගයෙන් සභාපති ලෙස තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනම පැවැති විවෘත ඡන්දයෙන් ඡන්ද 05 බැගින් ලබාගෙන තිබුණි.

    එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබීය.

    නාවලපිටිය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රී ධුර 2ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික සන්ධානයෙන් මන්ත්‍රීධූර 1ක් වශයෙන් එම නගර සභාව සභිකයින් 15 දෙනෙකු නියෝජනය කරනු ලබයි.

    බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමි නොවූ හෙයින් ස්වාධීන කණ්ඩායම් එක්වී නාවලපිටිය නගර සභාවේ සභාපති ධූරය සහ උප සභාපති ධූරය හිමි කරගනු ලැබීය.

    මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාව පිහිටුවීම ද අද උදෑසන බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

    සමස්ත මන්ත්‍රී ධූර 26කින් සමන්විත වලල්ලාවිට ප්‍රාදේශීය සභාව සඳහා සහභාපති ධුරය සඳහන් නම් තුනක් යෝජනා කෙරුණි.

    ඒ අනුව ජාතික ජන බලවේගයේ සභාපති ධුරය සඳහා සුනිල් අබේසිරි මහතාගේ නම යෝජනා වූ අතර, සමගි ජන බලවේගයේ සභාපති ධුරයට ඉන්දික මල්ලවආරච්චි මහතාගේ නම යෝජනා විය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් උදේනි අතුකෝරාල මහතාගේ නමද ඊට යෝජනා කෙරුණි.

    සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ජන්ද ක්‍රමයට මෙන්ම රහස් ජන්ද ක්‍රමයට යෝජනා දෙකක් ඉදිරිපත් වූ බැවින් පනත ප්‍රකාරව සභාපති ධුරය සඳහා රහසේ ඡන්දය යොදාගැනීමට කොමසාරිස්වරිය කටයුතු කළාය.

    පැවති රහස් ඡන්දයෙන් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා මනාප 16ක් ලබාගත් අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයා මනාප 5ක් ලබා ගත්තේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා ලබාගත්තේ මනාප ඡන්ද 03ක් පමණි.

    ඒ අනුව මනාප 16ක් ලබාගත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක සුනිල් අබේසිරි මහතා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.