Author: LFN

කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනාට අදාළ නඩුව දෙසැම්බර් මස 08 වන දින යළිත් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවාය. එහිදී කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය. ඒ අනුව පැමිණිල්ල දෙසැම්බර් මස 08 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් පොලිසියට දැනුම් දුන්නාය. 2023 වසරේ කොළඹ…

Read More

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවය. පොලිස් භාරයට ගත් මෙම වෙඩි බෙහෙත් තොගයේ බර ග්‍රෑම් 156.07ක් වන බව පැවසූ පොලීසිය පැවසුවේ අදාළ වෙඩි බෙහෙත් තොගය ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගත් බවය. මෙම වෙඩි බෙහෙත් තොගය අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන බවත් මෙම වෙඩි බෙහෙත් ප්‍රවාහනයද සපුරා තහනම් වන බවද පොලීසිය පැවසීය. සිදුකළ…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිපාණන්ගෙන් සිදුකළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වන සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහාවිහාරයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. “ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ…මහින්ද මල්වතු නා හිමියන්ගෙන් ඉල්ලයි” යන ශීර්ෂපාඨයෙන් සාවද්‍ය පුවතක් පළ කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, මල්වතු මහා විහාරයේ, උපලේඛකාධිකාරී, මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමය පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබේ. අදාළ පුවතේ සඳහන් පරිදි කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති අතර, එවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා…

Read More

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවය. මෙහිදී විනිසුරුවරයා…

Read More

ප්‍රශ්නගත බහාලුම් 323ක් නිදහස් වීම සම්බන්ධව අද (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ නිදහස් කරන ලද ප්‍රශ්න ගත බහාලුම් 323හි පැමිණි දේවල් සම්බන්ධව තමන්ට කිව හැකි නමුත් ආණ්ඩුව විසින් තමන්ව බොරු චෝදනා නගමින් සිරගත නොකරන බවට සහතිකයක් ලබා දිය යුතු බවය. එහිදී අදහස් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා, “මාව අයින් කරන්න කියලා නඩුවක් දාලා තියෙනවා. ඒක මම උසාවිය එක්ක බලාගන්නම්. හැබැයි මට බයයි… ඒ කන්ටේනර් 323 ඇතුළේ මොනවාද තිබ්බේ කියලා මට ලිස්ට් එකක් දෙන්න පුළුවන්. ඒ කොහාටද, මොන රටින්ද ගෙනාවේ කියලා. හැබැයි ලිස්ට් එක දීලා මාව මන්ත්‍රීකමෙන්…

Read More

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැදවූ කැබ් රථයේ දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් ඇති අතර, ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ පොකුණු විට හංස උයන පදිංචිව සිටි පි ඒ සුමනාවතී නම් 62 හැවිරිදි තිදරු මවකි. යතුරුපැදිය පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලයේ ගැටී මාර්ගයට වැටී ඇති අතර පසුව පසුපැදිකාරිණිය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යටවී ජීවිතක්ෂයට…

Read More

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත. කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය.

Read More

2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලය එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70%ක් මෙම මාසය වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගෙන ඇත. අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් මෙම මාසයේ පෙන්වා ඇති තත්ත්වයක් යටතේ මෙය සම්පූර්ණ කරගෙන තිබීම සුවිශේෂිය. මෙරට විදුලිබල සැපයුම 100% ක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනයවීමක් පෙන්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි. එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව…

Read More

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය. අද (29) සහ ඊයේ (28) දින දෙක තුළ වාර්තා වු ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් තුනකින් ධීවරයින් පස් දෙනෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටියි. තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගලක ගැටීමෙන් අනතුරට ලක්ව තිබු අතර එහිදි ධීවරයින් සිව් දෙනෙකු ඩිංගි බෝට්ටුවක් මාර්ගයෙන් දිවිබේරාගැනීමට සමත්ව තිබුණි. සෙසු ධීවරයින් දෙදෙනා අතුරුදන්ව තිබූ…

Read More

මේ වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ. එම කොමිසන් සභාව පෙන්වාදෙන්නේ 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31 වනදා දක්වා කොමිසන් සභාව වෙත පැමිණිලි 2,138ක් ලැබී ඇති බවය. 2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිසන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221ක් වන බව සඳහන් වේ. ඉන් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත. පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු…

Read More