Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්
    Featured

    විදුලි ගාස්තු ගැලපීමෙන් IMF වාරිකයට සහායක්

    By LFNJuly 4, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිරිවැය ආවරණය වනපරිදි විදුලි ගාස්තු ගැලපීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග සපුරාලීමත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකමේ 5 වැනි වාරිකය මුදාහැරීමට තීරණය කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    ඒ, අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් හිමිවෙයි.

    ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජොජියෝ මහතා මෙම කරුණු පැහැදිලි කළේය.

    “ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීම නිසා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 350කට ප්‍රවේශය හිමිවනවා. ඒ අනුව IMF වෙතින් ශ්‍රී ලංකාවට ලබාදුන් මුළු මුදල ඩොලර් බිලියන 1.75ක් පමණ. මෙම මුදල ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා යොදාගත හැකියි.”

    “එය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් වනවා. සිව්වැනි සමාලෝචනයට අදාළව ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පොදුවේ ශක්තිමත් බව කිව යුතුයි.”

    “ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමේ අවදානම අවම කරලීමටත් පියවර ගෙන තිබෙනවා. මෙම සමලෝචනයේදී ප්‍රධාන වශයෙන් පූර්ව ක්‍රියාමර්ග දෙකක් සැලකිල්ලට ගනු ලැබුවා. ශ්‍රී ලංකා බලධාරීන් ඒ ක්‍රියාමර්ග දෙකම සම්පූර්ණ කර තිබෙනවා.”

    “පළමු වැන්න, 2025 වසරේ ඉදිරි කාලසීමාව සඳහා පිරිවැය ප්‍රතිසාධන විදුලි මිලකරණය. දෙවැන්න, ස්වයංක්‍රීය විදුලි මිල සැකසුම් යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202605 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.