Author: LFN

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම…

Read More

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව 2025.06.25 වනදා සහ 2025.06.27 සිට 2025.07.05 දක්වා පැවැත්වෙයි. ඒ සඳහා බෝරා ආගම අදහන විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් ඉහත දිනවල උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි. එමෙන්ම 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින දක්වා උදෑසන 07:00 සිට උදෑසන 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 දක්වා…

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පවත්වා තිබේ. වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද අවධානය යොමු වී ඇත. මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දී තිබේ. ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ යන මහත්වරු සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින් අද (24) ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් අනතුරුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියම විය. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නිකුත් කළාය.

Read More

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස මෙලස කැනඩාව බලා පිටත්ව ගි⁣යා ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත් වේ. මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ. එසේම නවෝත්පාදන සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම, ආයතන සහ සංවිධානවල ඩිජිටල් පරිවර්තනයට සහාය වීම,…

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් සිදුව තිබේ. එම හමුව අද (24) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි. එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අඛණ්ඩ ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම අමාත්‍ය විජිත හේරත් මහතා විසින් නැවත අවධාරණය කර තිබේ. නව රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියා ප්‍රයත්නයන් සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාට විස්තර කළේය. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මහතා…

Read More

කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ජුලි මස 07 වනදා දැනුම් දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියම කර තිබේ. පැමිණිල්ල ඊයේ (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී විමර්ශන සිදුකරන උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් අධිකරණයට දැනුම් දී ඇත්තේ මියගිය දැරියගේ මවගෙන් සහ තවත් පාසල් සිසුවියන් තුන්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. ඊට අමතරව ගුරුවරියකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පැවසීය. විර්ශනවලට අවශ්‍ය කරන අදාළ පාසලේ සී.සී.ටී.වී කැමරාවලට අදාළ ඩි.වී.ආර් යන්ත්‍රය වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට රැගෙන ගොස්…

Read More

මාතර W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බවත් මේ සියලු චෝදනා දේශපාලනික උවමනා බවත් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අද සඳහන් කළේය. ඒ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට අද පෙනීසිට සාක්ෂි ලබාදෙමින්ය. ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව අද 10 වැනි දිනයටත් පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී රැස්වුණි. චෝදනා එල්ලව ඇති දේශබන්දු තෙන්නකොන් මහතා ඊයේ පළමුවරට කමිටුවේ පෙනීසිට සාක්ෂි ලබාදුනි. ප්‍රථමයෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කළේ ඔහුගේ නීතීඥ එස්.වීරවික්‍රම මහතාය. යුක්තිය මෙහෙයුම සහ හරක් කටා පිළිබඳ නැඟුණු ප්‍රශ්නවලට සාක්ෂිකරු පිළිතුරු ලබාදුනි. ”ස්වාමිනි, අපි දැඩි පරිශ්‍රමයක් දරලා…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More