Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බංග්ලාදේශයට තියුණු ජයක්
    Featured

    බංග්ලාදේශයට තියුණු ජයක්

    By LFNJuly 6, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත්වුණි.

    ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවෙයි.

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූණි.

    පර්විස් හොසේන් ලකුණු 67ක් රැස් කළ අතර පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගත්තේය.

    ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 5කට දැවී ගියේය.

    අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් වේගව්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කින් ලකුණු 56ක් රැස් කළේය.

    මස්ටෆිසූර් රෙහෙමාන් යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දු 4ට හතරෙ පහර 4ක් එල්ල කළ කුසල් සිය අර්ධ ශතකය පන්දු 20කින් සම්පූර්ණ කළේය.

    නිෂාන් මදුෂ්කගේ ඉනිම ලකුණු 17කට සීමා වූ නායක චරිත් අසලංක ලකුණු 6කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 33කට දවා ගනිමින් බංග්ලාදේශය යළිත් තරගයට අවතීර්ණ වුණි.

    කෙසේ වෙතත් ජනිත් ලියනගේ සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ බලාපොරොත්තු එක් කළේය.

    කෙසේ වෙතත් ජනිත් ලියනගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටුණි.

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුවරට එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2002 වසරේදීය.

    එතැන් සිට ඊයේ තරගයට පෙර පැවති තරග 11ම ජය ගෙන සිටියේ ශ්‍රී ලංකාවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.