Author: LFN
E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ශ්‍රි ලාංකිකයින් සෘතුමය රැකියා සඳහා දකුණු කොරියාවට යොමුකිරීමට කොරියානු ජනරජයේ පළාත් පාලන ආයතන සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන ලද අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට නියමිතය. යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එම අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයින්ට මාස…
බෝයිං 737 වර්ගයේ තවත් මගී ප්‍රවාහන යානයක් මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටීමේ පුවතක් වාර්තා වී තිබේ. චීනයේ ෂැන්හයි නුවර සිටි ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක් අඩි 36,000ක උසක සිට අඩි 10,500ක උසක් දක්වා වේගයෙන් පහළට ගමන්කර ඇත. එහිදී යානාය අභ්‍යන්තරයේ පීඩනය පහත වැටී යානයේ සිටි මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට පත්වූ අතර මෙම සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ. කෙසේ නමුත් යානය සාර්ථකව ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත්ව තිබුණි.
කඳාන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා. මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකුත් ඒ අතර සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ. අදාළ නාමලේඛනය සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම www.wbb.gov.lk යන සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවියේ ද එම නාමලේඛනය පළ කර තිබේ. දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබාදී ඇති තොරතුරුවල යම් වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැඟී යන සහ සුදුසුකම්ලාභින්ගේ නම් ලැයිස්තුවේ තමාගේ නම සඳහන් වී නොමැති අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කළ හැකිය. අස්වැසුම 2 අදියර සඳහා මූලික අයදුම්පතක් ඉදිරිපත් කළ ද නිවාස තොරතුරු එක්රැස් කිරීමට රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු තම නිවසට…
කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ. ඉකුත් ජුනි 30 වනදා අදාළ තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්විය. කිසියම් පිරිසක් එම තරුණයා සිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස්, මෙම වෙඩිතැබීමට සිදුකළ බවට මූලික විමර්ශනවලදී මේ වනවිට අනාවරණය වී තිබේ. එම සිද්ධියේ විමර්ෂන කටයුතුවලට අදාළව මෙලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනයට මාරුකර ඇත.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ. ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා ඉතා සූක්ෂම අයුරින් ඇසුරුම් තුල සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් ඇති බව සඳහන් වේ. රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 වසරේ ජනවාරි පළමුවනදා සිට මේ වසරේ ජුනි දක්වා කාලය තුළ එම ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා අමෙරිකාව, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැකසහිත කුරියර් පාර්සල් ගණනාවක් විශ්ලේෂණය කර රදවා තබා ගෙන තිබුණි. එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් කිසිදු පුද්ගලයෙකු හිමිකම් නොදැක්වීම හේතුවෙන් එම පරික්ෂාවන් තවදුරටත් සිදුකිරීමට රේගුව කටයුතු කර ඇති බව සඳහන්…
ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පොලිස් නිලධරයන් විවිධ ස්ථාන වලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිවේදිත නිලධරයන් හා මූලස්ථාන පොලිස් පරික්ෂකවරුන් / ස්ථානාධිපතිවරුන් සඳහා සේවයේ අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් සිදු කරනු ලබයි. ඒ අනුව, 1. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු වසර 03 ක කාලයකින් පසු ස්ථාන මාරුවීමක් සඳහා සුදුසුකම් ලබයි. 2. පොලිස් නිලධාරියෙකුගේ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින අවස්ථාවකදී තවදුරටත්…
ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන ‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් ඊයේ (2) නිවේදනය කළේය. වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා මෙම අන්තර්ජාල චන්ද්‍රිකා පද්ධතිය ලොවට හඳුන්වා දෙනු ලැබුවේ 2019 වසරේදීය. එතැන් පටන් මේ දක්වා රටවල් 130කට අධික සංඛ්‍යාවක මෙය භාවිතා වේ. Starlink චන්ද්‍රිකා පද්ධතිය, පහළ පෘථිවි කක්ෂයේ පිහිටා තිබීම තුළින් වඩාත් වේගවත් සහ බාධාවකින් තොරවූ අන්තර්ජාල පහසුකම් පරිශීලකයින්ට ලබාදීම සිදු කෙරේ. මේ වන විට එම චන්ද්‍රිකා 7,000කට අධික සංඛ්‍යාවක් කක්ෂගත කර ඇති අතර, එය 2026 වසරේදී 12,000 දක්වාත් ඉදිරියේදී එම ගණන 30,000 ඉක්ම වූ අගයක් දක්වා ඉහළ නැංවීමට නියමිතය. මෙහි ගෘහස්ථ පද්ධතිය, සවිකිරීමට…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබාදීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබේ. දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.