Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති ලේකම් සහ නෙදර්ලන්ත තානාපති අතර සාකච්ඡාවක්
    Featured

    ජනපති ලේකම් සහ නෙදර්ලන්ත තානාපති අතර සාකච්ඡාවක්

    By LFNJuly 3, 2025No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබාදීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබේ.

    දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය එහිදි ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    යටත් විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ තිබේ.

    ඒ අනුව, ඔවුන්, එම කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කාර්යයේ මුලපිරීමක් ලෙස පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහිදී එරට පවතින යටත්විජිත කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්ය.

    එහි ආරම්භයක් ලෙස දෙර‌ටෙහි පර්යේෂකයින් විසින් නෙදර්ලන්තයේ ඇති පුස්කොළ අත්පිටපත් එකතුව පිළිබඳ පර්යේෂණ සිදුකිරීමට ද අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202606 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.