Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය
    Featured

    කල්බදු සමාගමක සීසර්ලා වාහනහිමියෙකුට කළ අපරාධය

    By LFNJuly 4, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ රථය කල්බදු සමාගමක සීසර්වරුන් පිරිසක් විසින් පැහැරගෙන යෑමේ සිදුවීමක් රාගම කිඹුලාපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

    පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත ප්‍රතිකාර ලබයි.

    මීගමුව මහ රෝහලේ මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටින රාගම තේවත්ත පාර ප්‍රදේශයේ පදිංචි සුමිත් දර්ශන ආපදා රථයක හිමිකරුවකු වන අතර, එම රථයේ රියදුරු ලෙස කටයුතු කරන්නේද ඔහුය.

    පසුගිය (02) පෙරවරු 8ට පමණ ඔහුගේ නිවසට පැමිණි යුවළක් පවසා ඇත්තේ කාර්මික දෝෂයකට ලක්වූ තම මෝටර් රථය ගරාජයක් වෙත රැගෙන යෑම සඳහා පැමිණෙන ලෙසය.

    ඒ අනුව සුමිත් ඔහුගේ සහායකයා සහ අදාළ යුවළ සමග සිය ආපදා රථයෙන් ගොස් එම යුවළ සතු වාහනය රාගම කිඹුලාපිටිය ප්‍රදේශයට ප්‍රවාහනය කරදී තිබේ.

    සුමිත් පවසන්නේ එම අවස්ථාවේ ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදි 2කින් එම ස්ථානයට පිරිසක් පැමිණ තමාට පහරදී ආපදා රථය පැහැරගෙන ගිය බවය.

    අදාළ පිරිස පහරදීම සිදුකිරීමෙන් පසු සුමිත් මාර්ගයේ ඇද වැටී සිටි ආකාරය පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් රූගත කර තිබුණි.

    පහරකෑ පුද්ගලයා චෝදනා කරන්නේ සිය රථයේ කල්බදු පහසුකමක් සම්බන්ධයෙන් කල්බදු සමාගමක් සමග නඩුවක් පවතින පසුබිමක අදාළ කල්බදු සමාගම මගින් සීසර්වරුන් යොදවා රථය පැහැරගෙන ගිය බවටය.

    කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කඳාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසූවේ ලීසිං සමාගමක් මගින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර අදාළ ආපදා රථය රැගෙන ගොස් ඇති බවය.

    ඒ අනුව, අදාළ රථය තිබෙන ස්ථානය අනාවරණ කරගෙන ඇති අතර එය පොලිස් ස්ථානයට රැගෙන ඒමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

    වාහනයක් වෙනුවෙන් ලබාගත් කල්බදු ගෙවීම් පැහැරහැරීමක් පවතින අවස්ථාවක කල්බදු සමාගමකට අදාළ වාහනය සන්තකයට ගැනීමට ඇති නීතිමය හැකියාව සම්බන්ධයෙන් අප විමසා බැලීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසිලෙස ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් සංගමයේ නීති උපදේශක ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරන්ති ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කළාය.

    “වාහනයක වාරික ගෙවා නොමැති නම් වාහනය අත්පත් කරගැනීමට නිසි ක්‍රමවේදයක් තියෙනවා. පොලීසියට පැමිණිල්ලක් සිදුකර පොලිස් නිලධාරියාත් සමග තමයි වාහනය ගන්න යන්න ඕනේ. එතනදි පොලිස් නිලධාරියා ඉන්නේ එම ස්ථානයේදී සාමය ආරක්ෂා කරන්න. ප්‍රතිවිරෝධයක් පෑවොත්.. මම මේ වාහනය දෙන්නේ නැහැ කිව්වොත්.. වාරික ගෙවලා තියෙන්නේ වගේ කරුණු කිව්වොත්.. එවිට පොලීසියට ඉඩ දෙන්න බැහැ වාහනය අරගෙන එන්න. එවිට උසාවියට ගිහින් නියෝගයක් ගන්න පුළුවන්. මූල්‍ය ආයතනවලට බැංකුවලට අයිතියක් නැහැ සීසර්වරුන් දාලා මිනිස්සුන්ට හිරිහැර කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,620 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 202605 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.